Colombo Today Local News

විල්පත්තුවේ ගිනි පත්තුවෙද්දී බදියුදීන්ගේ ගෝලබාලයෝ නැවතත් කරළියට…

නොනැවතී සිදුවෙමින් පවතින් විල්පත්තු රක්ෂිතයේ වන සංහාරයට එරෙහිව නැවත වරක් සමාජ විරෝධය උත්සන්න වෙද්දී සුපුරුදු පරිදි ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතුන් නැවතත් මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් මහා වන සංහාරය සාධාරණීකරණය කිරීමට ඉදිරිපත් ඇත.

ඇමති රිෂාඩ් බදියුදීන්ගේ අතිජාත හිතවතෙකු වන වව්නියාව බෝධිදක්ෂිණාරාමාධිපති
උතුරු-නැගෙනහිර ප්‍රධාන සංඝනායක සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ මාධ්‍ය හමුවක් කැදවා තිබුණු අතර, එහිදි එහිමියන් සදහන් කළේ දකුණේ පිරිස් විසින් විල්පත්තුව පිළිබදව බොරු චිත්‍රයක් මවා ජාතිවාදය ඇවිලවීම නැවතත් කටයුතු කරමින් සිටින බවයි.

විල්පත්තුව ආශ්‍රිතව නැවත පදිංචි කර ඇත්තේ යුද්ධයට පෙර එහි සිටි ජනතාව බවත්, ඒ දෙස මානුෂීයව බැලිය යුතු බවත් එහිමියන් වැඩිදුරටත් සදහන් කර සිටියේය. මෙම මාධ්‍ය හමුවට බදියුදීන් ඇමතිවරයාගේ පක්ෂය නියෝජනය කරමින් උතුරු පළාත් සභාවේ හිටපු පළාත් සභා මන්ත්‍රී වී. ජයතිලක මහතා ඇතුළු පිරිසක්ද සහභාගී වී සිටියහ.

කෙසේ වෙතත් පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී විගණකාධිපතිවරයා විසින් විල්පත්තු වන සංහාරය පිළිබදව නිකුත් කළ වාර්තාව මගින් අනාවරණය කෙරුණේ, ඉදිකල නව ජනාවාසවල පදිංචිකර ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූ පිරිස් නොව වෙනත් ප්‍ර දේශවලින් ගෙන්වූ මුස්ලිම් ජාතිකයන් බවයි. පාකිස්ථානයේ හා විවිධ රටවලින් මෙරටට අනවසරයෙන් සංක්‍රමණය වූ මුස්ලිම් ජාතිකයන් ද මෙම ජනපදවල පදිංචි කර ඇති බවටද මිට පෙර චෝදනා එල්ලවිණි.

සියඹලාගස්වැවේ විමලසාර හිමියන් ඇතුළු පිරිස මීට පෙරද රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා චෝදනාවට ලක්වූ අවස්ථාවල ඔහුගේ ක්‍රියාකලාපය සාධාරණීකරණය කරමින් රට නොමග යැවීමට කටයුතු කළ බවට චෝදනා එල්ලවිණි.

Related posts

ඉන්දීය විදේශ ඇමති අනිද්දා මෙරටට

colombotoday

අල්ලන කුඩු කෝ..

Admin

කෘෂිකාර්මික ආදායම ආදායම් බදුවලින් නිදහස් – අගමැති මහින්ද කියයි

colombotoday

අපොස සාමාන්‍ය පෙළ ගැන ගත් තීරණය මෙන්න

colombotoday

නිශ්ශංක බන්දුල අභියාචනාධිකරණ සභාපති විනිසුරු ධුරයේ දිවුරුම් දෙයි

Admin

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday