Colombo Today Local News

විල්පතු කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීමට වැය වන මුදල ඇස්තමේන්තුවට කමිටු දෙකක්

විල්පත්තු අභය භූමියට අයත් කල්ලාරු රක්ෂිතයේ නැවත පැළ සිටුවීම සඳහා වැය වන මුදල වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව වනජීවී හා වන සංරක්ෂණ අමාත්‍යාංශයේ කමිටුවක් විසින් ද ඇස්තමේන්තු ගත කරන බව ඇමැති සී.බී. රත්නායක පැවසුවේය.

විල්පත්තු වන විනාශයට අදාළව නැවත පැළ සිටුවීම සඳහා යන වියදම ඇස්තමේන්තුගත කරන ලෙස අධිකරණය විසින් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී තිබේ. ඒ අනුව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පරිභාහිරව තවත් ඇස්තමේන්තුවක් සකස් කිරීම සඳහා කමිටුවක් පත් කරන බව වනජීවී හා වන සංරක්ෂණ ඇමැති සී.බී. රත්නායක පැවසුවේය. හිටපු වන සංරක්ෂකවරුන්, පරිසරවේදීන් ආදී පරිසර ක්ෂේත්‍රයේ විශේෂඥ පිරිස් සම්බන්ධ කරගෙන කමිටුව පිහිටුවා අදාළ ඇස්තමේන්තුව සකස් කරන බවද ඇමැතිවරයා කීවේය.

විල්පත්තු වනාන්තරයේ හෙක්ටයාර් 2500 ත් 3000ත් අතර භුමි ප්‍රමාණයකට දැඩි හානි සිදු වී ඇතැයි පරිසරවේදීහු සඳහන් කරති. විල්පත්තු නඩු තීන්දුවට අදාළ නීතිමය තත්ත්වයන් තව දුරටත් අධ්‍යයනය කර, විල්පත්තුවේ පැළ සිටුවීම ගැන කඩිනමින් ඇස්තමේන්තුවක් සකස් කරන බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කෙසේ නමුත්, අක්කරයක භූමි ප්‍රදේශයක පැළ රෝපණය කර වසර පහක කාලයක් රැකබලා ගැනීම සඳහා රුපියල් ලක්ෂ දෙකහමාරක පමණ මුදලක් දළ වශයෙන් වැය වන බව වන සංරක්ෂණ ජනරාල් ඩබ්ලිව්.ඒ.සී. වේරගොඩ සඳහන් කරයි. ඒ අනුව ලක්ෂ 18750ක මුදලක් අඩුම වශයෙන් වැය වන බව සඳහන් වේ.

Related posts

සිරිකොත පක්ෂ මූලස්ථානය උණුසුම් වෙයි

colombotoday

25 හැවිරිදි තරුණියක් අතුරුදහන්. – තරුණිය සොයා යුධ හමුදාව,පොලිසිය එක්ව මෙහෙයුමක.

colombotoday

මාලිගාවත්තේ සිද්ධිය සම්බන්ධයෙන් 6 දෙනෙකු රිමාන්ඩ්

colombotoday

නාවික හමුදා මැරීන් බළකාය මන්නාරමෙන් ඉවත් කරන්නැයි NGO ලොක්කෙකුගෙන් දැඩි බලපෑම්

colombotoday

ආගමික ස්ථානවලට හිමි වත්කම් හා දේපොළ ගැන තොරතුරු ගන්න තීරණයක්

Admin

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඉවන්ජලිකල් පල්ලියක් හරහා ඇමරිකානු එම්බසිය බලපෑම් කරයි…

colombotoday