Colombo Today Local News

සංචාරකයන්ට බලපෑම් කරන කටුනායක කුලී රියදුරන් අත්අඩංගුවට

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තයේ සහ ඒ අවට තහනම් කළාපයේ අනවසරයෙන් රැදී සිටි පුද්ගලයින් 09 දෙනෙකු පසුගිය (17දා) පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් සිදු කළ හදිසි වැටලීමකදී අත් අඩංගුවට ගෙන තිබේ.

වයස අවුරුදු 31 ත් 68 ත් අතර පසුවන මෙම පුද්ගලයන් , දේශීය සහ විදේශීය සංචාරකයන්ට ගුවන් තොටුපළෙන් පිටව යෑමේ දී තමන්ගේ කුළී රථ ගමන් ගන්නා ලෙස බලපෑම් කිරීම සහ පසුව ඔවුන් බලහත්කාරයෙන් තම රථ වල එම මගීන් නංවා ගෙන , ඒ සඳහා ගමන් ගාස්තු වශයෙන් ඉතා අසාධාරණ මුදල් අය කර ගත් බවටත් චෝදනා රාශියක් පසුගිය සති වල ඔවුන්ට එල්ල වී තිබුණි.

මෙසේ පොලිස් විශේෂ කාර්යය බළකාය මගින් අත් අඩංගුවට ගෙන ඇත්තේ එසේ දේශීය සහ විදේශීය සංචාරයකයන්ට බලපෑම් සිදු කළ පුද්ගලයන් බව මේ වන විට හඳුනා ගෙන තිබේ.

 පොලිස් විශේෂ කාර්යය බළකාය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර , මෙම කටයුතු වලට සම්බන්ධ තවත් පිරිස් සොයා ඉදිරි දින වල දී තවත් වැටලීම් සිදු කිරීමට අපේක්ෂා කරන බවට ද තොරතුරු වාර්තා වේ .

Related posts

යාපනේ සහජීවන ගුටි ප්‍රහාරය හා අරුම පුදුම ඇප දීම ගැන දෙරණේ චතුර මෙසේ කියයි

colombotoday

ෆෙඩරල් ගැන නොදන්නා බබ්බු ටිකක් බිල්ලෙක් මවා ජනතාව භය කරනවා…

colombotoday

“විහාර දේවාලගම් සංශෝධන පනත සංඝයා භේදකිරීමට අටවන කෙමනක්“ – ජාතික භික්ෂු පෙරමුණ

colombotoday

බස්නාහිර පළාතෙන් යන අයට ඇන්ටිජන් පරීක්ෂණ

colombotoday

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

වකුගඩුව ලක්ෂ 20කට විකුණා කුඩු ගහලා.

colombotoday