Uncategorized

සජිත්ගේ කැම්පේන් මැනේජර් මලික් !

එක්සත් ජාතික පෙරමුණ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන කළමනාකරු වශයෙන් අමාත්‍ය මලික් සමරවික්‍රම පත්කර ඇත. 

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28)  රන්ජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයාගේ නිවසේ පැවති එක්සත් ජාතික පෙරමුණ නායකයින්ගේ සාකච්ජාවේදී ඒකමතිකව එම තීරණය ගෙන තිබේ.

එජාප මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම්, මංගල සමරවීර, රාජිත සේනාරත්න, රන්ජිත් මද්දුම බණ්ඩාර, චම්පික රණවක, පි.දිගම්බරම්, රිෂාඩ් බද්දුර්දින් යන අමාත්‍යවරුන් මෙම රැස්වීමට සහභාගිවී තිබිණ.

වසර 50කට වැඩි කාලයක් තිස්සේ රනිල් වික්‍රමසිංහ අගමැතිවරයාගේ සමීපතම මිතුරකුවන මලික් සමරවික්‍රම, එකසත් ජාතික පක්ෂයේ හිටපු සභාපතිවරයා ද වේ.

Related posts

ජ්‍යෝතිර්වේදි ඉන්දික තොටවත්ත අත්අඩංගුවට

Admin

කිරිපිටි මිල පාලනය සමාගම් අතට

Admin

නාවික හමුදාවට කින්නියාවේදී එල්ලවූ ප්‍රහාරය පිටුපස නාගරික මන්ත්‍රීවරයෙක්…

colombotoday

බොහෝ ආයතන සෞඛ්‍ය නීති රැකීම මට්ටමක නැහැ. වගකීම් විරහිතව කටයුතු කලොත් සැර කොරෝනා ප්‍රභේද බිහි වෙයි

colombotoday

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 04ක් අරී…

Admin

සහරාන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව ගැන ඔත්තුව දුන් අයට ලක්ෂ 50ක තෑග්ගක්..

colombotoday