Colombo Today Local News

සජිත් අතහැර මනෝ තනිව ගමන් අරඹයි

සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් පිහිටුවා ඇති සමගි ජනබලවේගය පක්ෂය අපේක්ෂකයන් සහ සෙසු පක්ෂ අතර ඇති ගැටුම් තවදුරටත් ඉහළ යමින් පවතින බව එහි ආරංචි මාර්ග කියා සිටියි.

ඒ අනුව හිටපු අමාත්‍යවරයෙකු වන මනෝ ගනේෂන් මහතාද සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය නොසලකා හරිමින් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය තනිවම පවත්වමින් සිටී.

මංගල සමරවීර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ද මැතිවරණය කටයුතුවලින් ඉවත් වී ඇත්තේ ඔහුට දේශපාලන වේදිකාවේ අදහස් පළ කළ යුතු ආකාරය සහ හැසිරිය යුතු ආකාරය ගැන සජිත් ප්‍රේමදාස මහතා විසින් උපදෙස් ලබා දීම නිසා ඇති වූ මතභේදයක් බව ද වාර්තා වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ සමගි ජන බලවේග අපේක්ෂක ලයිස්තුවේ එකම කුලයකට අයත් තිදෙනෙක් ඇතුළත් වීම හේතුවෙන් සෙසු අපේක්ෂකයින් අපේක්ෂකත්වය ඉවත්වීමට සූදානම් ඇති බවද සඳහන් වෙයි.

Related posts

ජනපති සහ චීන ජනපති හමුවෙයි

Admin

මහ බැංකු බෝම්බ ප්‍රහාරයට වසර 25යි

colombotoday

දේශීය නිෂ්පාදිත සිමෙන්ති වර්ග දෙකක මිළ ඉහළට

colombotoday

ඉස්ලාම් අන්තවාදී සංවිධානයකට මුදල් සැපයූ අයෙක් අත්අඩංගුවට

colombotoday

ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

colombotoday

මධ්‍යම තැපැල් හුවමාරුවේ දී ලිපි-පාර්සල් අතුරුදන් වෙයි

colombotoday