Colombo Today Local News

සජිත් ආගමනය නැවැත්වීමට රනිල්ගෙන් තුරුම්පුවක්… මහින්ද සමග අගමැති සටනට එජාපයෙන් මෛත්‍රී වික්‍රමසිංහ…

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ එක්සත් ජාතික පක්ෂයේ අගමැති අපෙක්ෂකත්වයට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඉදිරිපත් කරන්නැයි එජාප ජේෂ්ඨයන් පිරිසක් රනිල් වික්‍රසිංහ මහතාට යෝජනා කර තිබෙන බවට වාර්තා වනවා.

ඔවුන් පෙන්වා දී ඇත්තේ, කිසිදු දේශපාලන අත්දැකීමක් නොමැතිව දේශපාලනයට පැමිණ ශක්තිමත් නායිකාවක ලෙස කටයුුතු කිරීමට සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියට හැකිවූවානම් මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහටද එසේ විය හැකි බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉවත්විය යුතු බවත්, සජිත් ප්‍රේමදාස මහතා එජාප අගමැති අපේක්ෂකයා ලෙස නම්කල යුතු බවත් පක්ෂයේ බහුතරයකගේ මතය වී ඇති අතර, මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය අගමැති අපේක්ෂිකාව ලෙස නම් කිරීම ඊට විකල්ප විසදුමක් වනු ඇතැයිද එජාප ජේෂ්ඨයින් පිරිස රනිල් වික්‍රමසිංහ මහතාට පෙන්වා දී ඇත.

Related posts

මහින්ද, ගෝඨාත් ජන බලයට එක්වෙයි… මහ ජන ගගකින් කොළඹ වීදි වැසී යයි…

colombotoday

“උතුරේ කිසිදු ඉඩමක් හමුදාවට දෙන්නෙ නෑ“ – විග්නේෂ්වරන්ගෙන් නිල ප්‍රකාශයක්

colombotoday

පැණි දම්මිකගේ මල්ලී කොරෝනාවෙන් මරුට

colombotoday

පොලිස් කොමිසමේ සභාපති ඉල්ලා අස්වෙයි

colombotoday

මෛත්‍රී – රනිල් දෙමල ජාතික සංවිධානයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන්ගේ ප්‍රකාශය

colombotoday

ඇඳිවත පමණක් ඉතිරි වූ ලංසා හඬා වැටෙයි

colombotoday