Colombo Today Local News

සජිත් වහාම අත්අඩංගුවට ගන්නැයි කියයි

සමගි ජන බලවේගයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා වහාම අත්අඩංගුවට ගත යුතු බව රාවණා බලය සංවිධානයේ මහලේකම් පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ සඳහන් කරති.

පසුගිය රජය සමයේ ඇමතිවරයෙකුව හිදිමින් අනුරාධපුර ඉපලෝගම පිහිටි ප්‍රදේශයේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමින් යුත් ඉදිකිරීම් ගණනාවක් කඩා විනාශ කළේ ඔහුගේ අනුමත මත යයිද උන්වහන්සේ චෝදනා කලහ.

එසේ විනාස කර ඇත්තේ දුටුගැමුණු රජ සමයේ විජිතපුර සටන පැවති ස්ථානය ලෙස සැලකෙන විජිතපුර බලකොටුවේ ස්මාරක බොහොමයන් යයිද උන්වහන්සේ පැවසූහ.

ගම්උදාවක් ඉදි කරන්න යයි ඒ සඳහා අවසර දුන් රජයේ නිලධාරීන්ද මේ වන තෙක් කිසිඳු ප්‍රශ්න කිරීමකට ලක් නොවී සිටීම පුදුම සහගත යයිද උන්වහන්සේ සඳහන් කළහ.

කොලඹ පැවති මාධ්‍ය හමුවක දී එහිමියන් මෙම අදහස් පල කරන ලදී.

Related posts

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් මානව හිමිකම් කොමිසමට කැදවයි

colombotoday

අංගොඩ ලොක්කාගේ ඉඩම් 11ක් ගැන පරීක්ෂණ

colombotoday

සජිත් ප්‍රේමදාස ඉස්ලාම් ත්‍රස්තවාදීන් සමග ගනුදෙනුවක | ඥානසාර හිමි සියල්ල හෙළිකරයි.

colombotoday

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

colombotoday

හිතුවක්කාර මිනිස්සු ඉන්නකන් ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ! වත්මන් තත්වය ගැන ජනපති සැරටම කියයි

colombotoday

ගණේමුල්ලේ සංජීව අත්අඩංගුවට

Admin