Colombo Today Local NewsHot News

සත පහක්වත් වැය නොකර රජයට රු මිලියන 3500ක් ගෙනා ගෝඨාභයගේ සුපිරි වැඩක් ගැන විජයදාස හෙළි කරයි (Video)

gotaඇවන්ගාඩ් ආයතනයට රජය විසින් සතයක්වත් ආයෝජනය නොකර රු මිලියන 3,500 ක් (රුපියල් ලක්ෂ තිස් පන්දාහක්) රජයට ගෙවා තිබෙන බවත්, ඊට අමතරව විදේශ විනිමය රු මිලියන 16000 ක් මෙරටට ගෙනවිත් ඇති බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අනාවරණය කළේය. ඒ අනුව ශ්‍රී ලංකා ඉතිහාසයේ රාජ්‍ය ආයෝජනයට සාපේක්ෂව විශාලතම රාජ්‍ය ආදායම ඉපයූ ව්‍යාපාරය, රජයට 49% ක කොටස් අයිතිය ප්‍රදානය කර ඇති ඇවන්ගාඩ් ආයතන බවට පත් වී තිබේ.

ඇවන්ගාඩ් ආයතනය පිහිටවීමේ මහ මොළ කරු ලෙස ප්‍රසිද්ධ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පසුගිය කාලයේ යහපාලකයින් විසින් විශාල මඩ ප්‍රහාරයක් එල්ල කළද, මේ වන විට යහපාලන ආණ්ඩුවේ ඇමතිවරුන් මගින්ම ඇවන්ගාඩ් ආයතනය සිදුකළ විශිෂ්ට සේවය හෙළි වෙයි. මෙම හෙළිදරව්ව සිදුකරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාව විවේචනය කරන අමාත්‍යවරයෙක් විසින් වීම විශේෂත්වයකි.

මීට පෙර අප පළ කළ ලිපියේ දැක්වෙන පරිදි, වත්මන් ආණ්ඩුව විසින් ඇවන්ගාඩ් ආයතනයේ කීර්ති නාමය විනාශ නොකරන්නට, මෙම ආයතන ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ආයතනය වන බවට මෙමගින් පැහැදිළි වෙයි.

“ඇවන් ගාඩ් ” කල්තැබීමේ විවාදයේදී ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී පළ කළ විශේෂ ප්‍රකාශයේ වීඩියෝව සහ එහි සාරාංශය පහතින්.

“අත්තනෝමතික නීති ක්‍රියාත්මක වීමක් අද නැත. පොලිසිය, නීතිපති දෙපාර්තමේන්තුව අද ස්වාධීනයි. දේශපාලන ඇඟිලි ගැසීම් නැත. එහි ස්වාධිනත්වය පිලිබඳ වගකීම මා සතුයි.එදා මෙන් නොව අද, ඔවුන්ගේ මත, ක්‍රියාකාරිත්වයන් අපට දේශපාලන වශයෙන් අවාසි සහගතයි. එහෙත් පෙර මෙන් ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන්ට අප ආණ්ඩුවක් ලෙස අත පෙවීම් නොකරමු. අද මේ සියලු ආයතන ස්වාධින කොමිසන් සභා යටතේ පාලනය වෙනවා.

ඇවන් ගාඩ් පිලිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ මත දෙකක් තිබුන බව ඇත්ත. එහි අවසාන තීරණය නීතිපති ලබා දී තිබෙනවා. නීතිපති ලබා දුන් මතයත්, කැබිනට් මණ්ඩලයේදී මාගෙන් විමසු විට නීතිඥයකු ලෙස මා ලබා දුන් මතයත් සමානයි. නීතිපති මතය අනුව මෙහි ගිනි අවි පනත, ත්‍රස්තවාධි පනත, පුපුරණ ද්‍රව්‍ය පනත යන පනත් යටතේ නඩු දැමිය නොහැකිය.එහෙත් මෙහි අල්ලස් දුෂණ සිදුවී ඇත්තදැයි සෙවීම, මේ වනවිට අල්ලස් කොමිසම හමුවේ පරීක්ෂණ කෙරෙමින් පවතී.

ඉන් පසුව චෝදනාවට ලක්වුයේ මෙහි විදේශ විනිමය ලංකාවට රැගෙන විත් තිබීමයි. මිලියන 16,000 ක් වැනි ප්‍රමාණයක විදේශ විනිමය ප්‍රමාණයක් මෙරටට ගෙනවිත් තිබෙනවා. ආණ්ඩුව සතයක්වත් ආයෝජනය නොකර මිලියන 3,500 ක් ආණ්ඩුවට ගෙවා තිබෙනවා. ඒ ගෙන ආ මුදල්, මුදල් විශුද්ධිකරණ පනත යටතේ වරදක් සිදු වී ඇත්නම් ඒ පිලිබඳ පරීක්ෂණ කිරීමට අධිකරණය නියෝග කොට තිබෙනවා සහ එම පරීක්ෂණ පොලිසිය විසින් කරමින් පවතිනවා.

මෙම ගනුදෙනුව නාවික හමුදාව, ආරක්ෂක අමාත්යංශය හා මෙම සමාගම අතර ඇති කරගත් ගිවිසුම්ගත ගනුදෙනුවකි. මෙම ක්‍රියාදාමය අවුරුදු ගණනක් ක්‍රියාත්මක ගිවිසුමක්.

ඉන් පසුව චෝදනා කළා, මම මොහුගේ විදේශ ගමන් බලපත්‍රය නිදහස් කළා කියලා. එසේ කිරීමට මට බලයක් නැත. මට මහේස්ත්‍රාත් වරයකුට නියෝග කිරීමට නොහැක. නඩු විභාගයකින් පසු මහේස්ත්‍රාත්වරයා දවස් 5කට එසේ ගමන් බලපත්‍රය නිදහස් කලා. දවස් 4ක් ඇතුලත නැවත එය බාර දී තිබෙනවා. කොහෙද මෙහි පරීක්ෂණවලට බාධාවක් වී තිබෙන්නේ?.

තව චෝදනා කරනවා මමත් මේ deal එකක් දාලා කියාලා. මට එහෙම deal එකක් දාන්න ඕනනම් මම ඉන්නේ අලුත්කඩේ. අපි උසාවියට ගිහිල්ලා පැයක් දෙකක් හිටියනම් මට deal එක ලැබෙනවා. මම මගේ වෘත්තිය ජීවිතයට සමු දීලා මෙතනට ඇවිල්ල
තියෙන්න මට deal දාන්න නෙවෙයි. රටට deal එකක් දාලා දෙන්න.

ගිය සතියේ මෙක්සිකෝ නගරයේ “open government partnership” සමුළුවේ, කෙටි කාලයක් තුල නීතියේ ආධිපත්‍ය ක්‍රමවත්ව ස්ථාපිත කර ඔප්පු කල රටක් ලෙස ශ්‍රී ලංකාව හදුන්වා දෙනු ලැබුවා. එය සියලු ශ්‍රී ලංකීකයන් ලබා ගත් කීර්තියක්.

මේ රටේ ඉතිහාසයේ කිසිදු ආණ්ඩුවකට වඩා විවේචන අහ ගෙන ඉන්න, සාධාරණ විවේචනවලට ඉඩ දෙන ආණ්ඩුව මේක. හැබැයි තමන්ගේ නොදැනුවත්භාවයන් මත වැරදි මත හදලා, නොදන්නා දේවල් කියලා වැරදි චිත්‍රයක් මවන්න දෙන්න බැහැ. නීති පොතක් ඇහැට දැකල නැති අය තමයි නීති පොත අර්ථ නිරුපනය කරන්නේ අද පාර්ලිමේන්තුවේ. ”

ආචාර්ය විජයදාස රාජපක්ෂ “ඇවන් ගාඩ් ” කල්තැබීමේ විවාදයේ
2015.10.04

– lankagrid

 

Related posts

ජාතික ලැයිස්තුවෙන් 50%ක නියෝජනයක් කාන්තාවන් ට ලබාදිය යුතුයි

colombotoday

චන්ද්‍රිකාත් ඉල්ලා අස්වෙයි !

colombotoday

එපා කියද්දී අබාය ඇදන් ඇවිත්… පුත්තලම ප්‍රා.ලේකම් නිලධරයෝ ලෙඩ නිවාඩු දමති

colombotoday

ගම්පොල සමූපෙත් මහින්ද පිළට යයි.. මහින්ද පිළ 61යි, එජාපය 22යි, ශ්‍රීලනිපය 0 යි

colombotoday

වසවිස නැති සහලින් ජන 1 දා කිරිබත් කමු ! – ජනපති කාර්යාලයෙන් ජනතාවට පණිවිඩයක්

colombotoday

බිත්තරේට උපරිම සිල්ලර මිලක්

colombotoday