Colombo Today Local News

සඳුදා බස්නාහිර පළාත සම්පූර්ණයෙන් විවෘත කෙරේද ?

නිරෝධායන ඇඳිරිනීතිය එළැඹෙන 09වැනි සඳුදා ඉවත් කෙරුණත් බස්නාහිර පළාතේ තෝරාගත් ඇතැම් ප්‍රදේශ තවදුරටත් හුදකලාකර තැබීමට ඉඩ ඇතැයි වාර්තා වේ.

කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මේජර් ප්‍රදීප් උඳුගොඩ මහතා මේ බව පැවසීය.

එහිදී ඔහු පැවසුවේ, “අපි රජයක් හැටියට තෝරාගත්ත ප්‍රදේශ පමණක් නිරෝධායනයට ලක්කරලා ඉතිරි ප්‍රදේශ ජනතාවගේ දෛනික කටයුතුවලට විවෘතකරන්න තමයි බලාපොරොත්තුව තියෙන්නේ,” යනුවෙනි.

මේ අතර කොවිඩ් ආසාදිතයකු හමුවීමත් සමඟ ඉකුත් ඔක්තෝබර් 22 වැනිදා වසාදැමුණු පිටකොටුව මැනිං පොදු වෙළෙඳපොළ එළැඹෙන සඳුදා සිට යළි විවෘත කරන බව “මැනිං පොදු වෙළෙඳ සමිතිය” පවසයි.

Related posts

කළුගල් වැඩබිම් රැසකින් පුපුරණ ද්‍රව්‍ය අතුරුදන් – ජාතික ආරක්ෂාවට තර්ජනයක් බව ජාතික විගණන කාර්යාලය වාර්තා කරයි.

colombotoday

පැය 24 ක් තුලදී 663ක් අත්අඩංගුවට

Admin

සමන්තභද්‍රට එරෙහිව පියවර නොගත්තොත් විහාර වටලනවා – සමාජජාලයෙන් රතු එළියක් ! (Video)

colombotoday

මෙහෙම විකාර වැඩ කරන ආණ්ඩුවක් තුන් ලෝකෙම නැහැ

Admin

තමිල්නාඩුවට පනින්න හැදූ CCD කොස්තාපල් පොලිසියට කොටු වෙයි

colombotoday

“අලුත් ව්‍යවස්ථාවක් එපා.. සමස්ත සංඝ සමාජයම ඊට විරුද්ධයි“ – අස්ගිරියෙන් නැවතත් රතු එළි

colombotoday