Colombo Today Local News

සමහර අධිවේගී මාර්ගවල වියදම සිතා ගැනීමට නොහැකි තරම් වැඩි

සමහර අධිවේගී මාර්ගවල ඉදිකිරීම් වියදම හිතාගත නොහැකි ලෙස වැඩි වී ඇති බව කළුතර දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස මහතා ඊයේ (18) පාර්ලිමේන්තුවේදී පැවසීය.

කුලූනුු මත ඉදි වූ අධිවේගී මාර්ගවලට වඩා වැඩි වියදමක් සමහර කඳු ආශ‍්‍රිත හා තැනිතලා ප‍්‍රදේශවල ඉදිකළ මාර්ගවලට වැය වී ඇති බව පෙනී යන බව ද ඒ මහතා කියා සිටියේය. එහිදී අදහස් දැක්වූ මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

අධිවේගී මාර්ගයක් ඉදිකිරීමේදී කිලෝ මීටරයකට වැයවන වියදම ඩොලර් මිලියන 05 ක් වෙනවා. නමුත් සමහර අධිවේගී මාර්ගවල වියදම වැඩියි. කොට්ටාව – කඩුවෙල අතර කිලෝමීටරයක් ඩොලර් මිලියන 19 යි. කඩවත කෙළවරපිටිය මාර්ගයට මේ වන විට කිලෝමීටරයකට ඩොලර් මිලියන 72 දක්වා වැඩිවෙලා.

මෙයින් පෙනෙන්නේ එකට දහයකට වගේ ණය අරගෙන ඇති බවයි. මෙලෙස අධික ලෙස වෙනස් වීම ගැන හිතා ගන්න බැහැ යැයි ද කීය.

Related posts

කොළඹ තාවකාලික පදිංචිකරුවන් ලඟම පොලීසියේ ලියාපදිංචි වන්නයි පණිවිඩයක්

colombotoday

අත් පා ගැටගැසූ කතක් පාළු මගක් අසල දමා ගිහින්

colombotoday

සජිත්ගේ 1326 කෙටි දුරකථන අංකය ගැන පැමිණිලි කල රංජිත් විතානගේට තර්ජන

colombotoday

ඡන්දය සලකුණු කරන ආකාරය

colombotoday

ලක් දූ පුතුන් ඉන්දියාවත් පරදා මව් බිම රනින් සරසති !

colombotoday

බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මියගිය ගණන 14 දක්වා ඉහළට

colombotoday