Articles

සමාජය පාදඩකරණය වීම හා ලංකාවේ දේශපාලනය

පාදඩ යන වචනය මට හමුවුයේ කාල්මාක්ස් විසින් මාක්ස්වාදයෙදි එක්තරා සමාජ පන්තියක් හැදින්වීම සදහා යොදන වචනයක් ලෙසය. Lumpen යන වචනය කාල්මාක්ස් හා ඒංගල්ස් යොදාගෙන තිබේ.

මාක්ස්වාදීන් මේ වචනය යොදාගෙන හදුන්වන සමාජ කොටස සමන්විත වන්නේ කප්පම්කාරයන්,ගැටකපන්නන්,ගණිකානිවාස පවත්වාගෙන යන පිම්පියන්,හිගන්නන වැනි සමාජ ක්‍රියාකාරීන්ගෙනි මාක්ස්වාදීන් මේ කොටස හදුන්වන්නේ නිර්දන පන්තිය තුල සිටින ප්‍රතිගාමි සමාජ ස්ථරයක් ලෙසය.නමුත් මෙවැනි සමාජ කණ්ඩායම් නිර්දන පන්තියට පමණක් සිමා වූවක් නොවන අතර මෙකී සමාජ කණ්ඩායම මධ්‍යම පන්තිය තුලද බෙහෙවින් දකින්නට ලැබේ.

විශේෂයෙන් නිර්දන පන්ති සමාජිකයෙකු ලෙස ඉපිද මංකොල්ලකෑම්,

ගණිකා ජාවරම,මත්ද්‍රව්‍ය ජවාරම් කිරීම මගින්  හෝ ඩීල් මගින් පොහොසත් වීමෙන් පසු මධ්‍යම පන්තියටත් ඉන් එහාට ඉහළ මධ්‍යම පන්තියටත් ඇතුල් වෙන අතර ඔවුන්ගේ ගමනට විවාහයද තීරණාත්මක සාධකයක් කර ගනී.

මෙකී තත්වය මා දකින්නෙ සම්පූර්ණයෙන්ම සමාජ විකෘතියක් ලෙසය මක්නිසාද මුදල් හදල් ඇතිකමින් සමාජ පන්තිය මාරු උනත් මොවුන් මානසිකව හෝ සමාජමය වශයෙන් ඒ තත්වයට පත් වී නොමැති කමින් සමාජ ප්‍රභූවරයෙක්ට නොගැලපෙන සේ හැසිරීම මොවුන්ගෙන් දකින්න ලැබෙන සුළභ දසුනක් වී තිබේ.

1977 ඇති වූ විවෘත ආර්ථික ක්‍රමයත් සමග සමාජයේ මෙකී තත්වය ඉතා වේගයෙන් ඉහළ ගිය අතර සමාජ පාදඩකරණය සිය ගුණයකින් ඉහළ ගියේය.බල්ලෝ මරා හෝ සල්ලි හොයන පිලිකුල් සහගත ආර්ථික ක්‍රමයක් රටෙ ඇති වීමත් සමග සිරිත් විරිත් හා සමාජ ආචාර ධර්ම වේගයෙන් පිරිහීමට ලක් වින. රටේ ඇති වූ අභ්‍යන්තර කැරලි දෙකක් මගින් නීත්‍යානුකූල අවි දැරීමේ අයිතිය ඇති රටේ ආරක්ෂක හමුදාව පොලිසිය හා රටේ අනෙකුත්  රජයේ ආරක්ෂක අංශ හැර රටේ සිවිල් කණ්ඩායම් වලටද අවි ආයුධ දැරීමේ අවකාශයක් හිමි විය. මේ මගින් පෙර කණ්ඩායමට තම පැවැත්ම ආරක්ෂා කර ගැනීමට බලය අවශ්‍ය වූ අතර ඔවුන් ඒ සදහා තෝරා ගත්තේ දේශපාලනයයි. එය ලාංකීය දේශපාලනය විනාශයේ ආරම්භය බව මගේ හැගීමයි ජවාරම් කරුවන් අතට අවි ආයුධ ලැබීමත් ඔවුන් ඒ මගින් අනෙකුත් සාමකාමි මිනිසුන් ත්‍රාසයට හා භීතියට පත්කොට දේශපාලන බලය ලබාගැනීමත් මේ මගින් සිදුවිනි.

 

මනාප ඡන්ද ක්‍රමය හරහා රටේ සල්ලි බලය මැර බලය හා අවි බලය ඇති ලුම්පන්න වර්ගයේ ජමාජ කණ්ඩායම් දේශපාලන බලය අල්ලා ගන්නා විට වැදගත් උගත් පිරිස් ලංකාවේ දේශපාලනයෙන් ටිකෙන් ටික ඈත් වන්නට සිදු විය

ඉතිරි වූ සුළු පිරිසටද පෙර කී කණ්ඩායමට යත්ව තීරණ ගැනීමට සිදු වීම අප්‍රසන්නම සිදුවීමක් ලෙස දැක්විය හැකිය.කාලයත සමග සමාජයේ ප්‍රභුත්වයක් දරු පුද්ගලයන් පවා මැරයන්ට හා සල්ලිකර මෝඩයන්ට යට වන තත්වයක් පෙන්නුම් කිරීම මෙහි දක්නට ඇති අශෝබන තත්වය තව තවත් පෙන්නුම් කරන්නකි

විශාල ලෙස වියදම් කරන කොළඹ ජිවත් වෙන හා ජේත්තුකාර ජිවිත ගත කරන බොහෝ දෙනාගෙන් රැකියාව කුමක්දැයි ඇසුවොත් ඔවුන් ජිවිතේ කිසි දිනක රැකියාවක් කොට නැත.වර්තමානයේ දේශපාලනයට පැමිණ සිටින බොහෝ දෙනාගෙන් ඒ ප්‍රශ්නය ඇසුවොත් ඔවුන්ට ජිවිතයෙන් පවා වන්දි ගෙවීමට සිදුවිය හැකිය.

මෙවැනි වට පිටාවක දේශපානය කිරීම එතරම් පහසු නැත. අප වෙනස් කළ යුත්තේ මෙම කාලකන්ණි දේශපාලනයයි මෙම ක්‍රමය ඉතා වේගයෙන් සමාජය විනාශ කරමින් සිටින අතර මෙම ක්‍රමය විසින් රටේ අධිකරණයද තම ග්‍රහණයට ගෙන ඇති බව යම් යම් සිදුවීම්  මගින් අපිට නිගමනය කළ හැකිය.රටේ මෙම පිල්මාරු දේශපාලනයට තව හුගක් දුර යාමට බැරි බව අපගේ නිගමනයයි. අද රටේ ප්‍රධාන පක්ෂ කිසිවකට මෙම ක්‍රමය වෙනස් කරන්න අවශ්‍ය බවක පෙනෙන්නට නැත.තවදුරටත් මෙම කොල්ලකාරී ගද ගසන ක්‍රමය පවත්වාගෙන යමින් තම තමන්ගේ හෙංචයියන් හා තමන් වටේ ඉන්න හොරුන් පොහොසත කරමින් තම තමන්ගේ මජර පැවැත්ම තහවුරු කර ගැනීම හැර මේ පිරිසට වෙනත් අරමුණක් නැති බව පෙනෙන්නට තිබේ. ඔවුන් ඒ සදහා විටක ආගමද තවත් විටක ජාතියද විකුණන අතර තවත් පිරිසක් තම පාක්ෂිකයන්ට සල්ලි බෙදීම සදහා මහා පරිමාණයෙන් රටේ දේපල විදේශික සමාගම්වලට බදුදෙමින් හෝ විකුණා දමමින් සිටි මොවුන් දිගින් දිගටම පෙන්නමින් සිටින්නේ දේශපාලනය  ඉතා වේගයෙන් පදඩකාරණය වෙමින් තිබෙන බව නොවේද?        අපි තව දුරටත් පුද්ගල ප්‍රතිරුප මත විශ්වාසය තබා දේශපාලනය කරනවද ? ප්‍රෝඩාකාරී රට විකුණන හොරු හදන රාජ්‍ය දේපල කොල්ල කන මෙම පාදඩ ක්‍රමය විශ්වාස කරනවද නොඑසේනම් යම් දේශපාලන ප්‍රතිපත්තියක් මුල් කරගත් කණ්ඩායමක් ගැන හිතනවද යන්න මේ රටේ ජනයා  තිරණය  කල යුතුය.

 

බොහෝ මිනිස්සු පවතින පාදඩ ක්‍රමයම අනුමත කොට ඊට පසුව වෙනස් රටක් බලාපොරොත්තු වේ. ඔබ කරන්නේ එකම ක්‍රියාවක් නම් වෙනස් ප්‍රතිපලයක් බලාපොරොත්තු විය හැකිද? මැතිවරණ කාලයන් වල වේදිකාවල සිදුවෙන ඇගේ ලෝම කෙලින් වෙන කතා අසා ඔබ පරණ හොරුන්ටම චන්දය දෙන අතර ඊට පසුව නැවත සාදාරණ රටක් සාදාරණ නීති ක්‍රමයක් ගෞරවනීය අධිකාරණයක්,සියල්ලන්ට සමානව සලකන පාලකයෙක් බලාපොරොත්තු වන්නේ නම් එය මා දකින්නේ අමු මෝඩකමක් ලෙසය. ගෙවීගිය වසර හැත්තැවක ඉතිහාසය පුරා  මේ පාදඩ දේශපාලන ක්‍රමය ඔබට උරුම කර දී ඇත්තේ කුමක්ද මේ කාලකණ්නි  ක්‍රමය හා මේ පාදඩ ක්‍රමය අපි තව දුරටත් පැලැස්තර දමමින් පවත්වාගෙන ය යුතුද ?

 

කිර්ති දුනුවිල

ප්‍රචාරක ලේකම්

එක්සත් ජාතික නිදහස් පෙරමුණ

Related posts

ජාතික ගීයේ නිර්මාතෘ ආනන්ද සමරකෝන් මහතාගේ ජන්මදිනය අදයි

colombotoday

පූටින්ගෙන් ඇරඹී, ට්‍රම්ප් හරහා ඇමරිකාව, බ්‍රිතාන්‍ය, පැරිසිය ඔස්සේ ආසියාව කළඹන මහ ජාතිකවාදී රැල්ලක් හමාඑයි !

colombotoday

අපට මඟක් ඇත (නොහොත් ලංකාවට මරුකටෙන් ගැලවිය හැකිය): අංක 1

colombotoday

TNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලය

colombotoday

“බක් පෝ දිනයේ සිංහලේ උදාර ඉතිහාස උරුමය සිහි කරමු” – අනගාරික ධර්මසේකර

colombotoday

නීතියේ ආධිපත්‍යය: කොරෝනා වෙසඟනක් කරණ සුමන්තිරන්ලා

colombotoday