Colombo Today Local News

සමාජ ජාල කැළඹු වීඩියෝවේ සම්පුර්ණ කතාව

පෙර නොවූ විරු පරිදි පසුගිය සතිය පුරා අන්තර්ජාලයේ වැඩිහිටියන්ට සුදුසු ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පට කිහිපයක් මෙරට බොහෝ ජනතාව වයස් භේදයකින් තොරව සෙව්වෝය. නැරඹූහ. නරඹා විවිධ ආකාරයේ වින්දනයන් ලැබූහ. එලෙස වින්දනයන් ලබා ඒ පිළිබඳ විවිධ අදහස් උදහස් ද පළ කළහ.

අන්තර්ජාලයේ ‘‘සෙක්ස් ’’ යන වචනය සොයා ලෝකයෙන්ම කිරුළු පළඳා සිටින මෙරට ලිංගික පිපාසිතයන්ට මෙම වීඩියෝව වැදගත් වූයේ එක් හේතුවක් මතයි. ඒ මෙම ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ පටයේ සිටින්නේ මෙරට ළාබාල තරුණයකු සහ තරුණියක නිසාවෙනි. නම් ගම් පමණක් හෙළි නොකරන එම සත්‍ය සිද්ධිය සැකෙවින් මෙසේය.

සරිදු ගිය වසරේ පාසල් අධ්‍යපනය නිමා කරමින් නිවසට වී දෙමාපියන්ගෙන් යැපෙන තරුණයෙකි. නිසියාකාරව දැලි රුවුලවත් වැවී නොමැති මොහු විනෝදයට බර අයෙකි. මෙම වයස් සීමාව තුළ පේ‍්‍රම සම්බන්ධතා කිහිපයක්ද මොහු පවත්වාගෙන ගියේය. එම පෙම්වතියන් සමග ආගිය තැන් කළ කී දැ පිළිබඳව උජාරුවෙන් මෙන් මොහු තම හිත මිතුරන්ට පැවසුවේය. එයට අමතරව සමහර අවස්ථාවල එම තරුණියන් සමග ගත් ජායාරූප සහ විඞීයෝ පට පවා පෙන්නුවේ එහි බරපතළකම ගැන සත පහකටවත් මායිම් නොකරමින්ය. සමහරු එයට කීවේ වයසේ වැරුද්ද කියාය.

නෙතුලි සරිදුගේ ඥාති නැගණියකි. ඇය තවමත් පාසල් අධ්‍යාපනය හදාරයි. සරිදුගේ සහ නෙතුලිගේ නිවාස පිහිටා තිබුණේ එකම ප‍්‍රදේශයකයි. ඥාතිකම මත සරිදු නිතරම පාහේ නෙතුලිලාගේ නිවස වෙත යෑමට පුරුදු වී සිටියේය. නෙතුලිලාගේ දෙමාපියන්ටද එය එතරම් අරුමයක් නොවුණි. එහෙත් සරිදු නිතරම පාහේ එම නිවසට පැමිණියේ සිතේ යම් අරමුණක් තබා ගෙනයි. ඒ නෙතුලි ගැනයි. ඔහු පුංචි නෙතුලිගේ අග පසඟට විශාල කැමැත්තක් දැක්කුවේය.

කාලයක් එලෙස ගත විය. සරිදු නිවැසියන්ට හොරෙන් ඉතා සූක්ෂම ලෙස නෙතුලි සමග සම්බන්ධයක් පටන් ගත්තේය. එය ආදර සම්බන්ධයක්ම නොවුණි. නිවැසියන් නොමැති සෑම අවස්ථාවකම නෙතුලි සරිදුව තම නිවස වෙත ගෙන්වා ගත්තේය. ළාබාල සිත් ඇති ඔවුහු නිවැසියන් නොමැති අතරේ ඉදිරිය ගැන කිසි බරපතළ කමක් නොසිතමින් නිදහසේ තමන්ගේ ලෝකවල හැසිරුණේය. අවසානයේ එහි ප‍්‍රතිඵලය වූයේ පාසල් යන වයසේ සිටි නෙතුලි ගැහැණියක වීමයි.

ලද සැම අවස්ථාවකම ඔවුහු සුපුරුදු පරිදි ලිංගිකව හැසිරුණහ. එලෙස හැසිරෙන අවස්ථාවක සරිදු අපූරු යෝජනාවක් ගෙනාවේය. ඒ ඔවුන් ලිංගිකව හැසිරෙන අයුරු වීඩියෝ කිරීමටයි. නෙතුලිද එක පයින්ම එයට කැමති විය. ඒ අනුව ලිංගිකව හැසිරෙන විවිධාකාරයේ ඉරියව් ඔවුන් වීඩියෝ කළේය. ඒ සරිදුගේ ජංගම දුරකථනයෙනි.

එලෙස වීඩියෝ කළ ලිංගික දර්ශන සරිදු තම යහළුවන්ට පෙන්නුවේ මහත් වීරකමක් කළ අයකු ලෙසින්ය. එලෙස පෙන්වීමෙන් ඇතිවන ප‍්‍රතිඵලය ඉතා භයානක එකක් වේවී යැයි ඔහු කිසි දිනක නොසිතුවේය.

දිනක් සරිදුගේ මිතුරෙකු ඔහුගේ ජංගම දුරකථනය ලබාගෙන එහි නෙතුලි සමග ලිංගිකව හැසිරෙන වීඩියෝ පට කිහිපයක් හොර රහසේම ලබා ගත්තේය. පසුව එම තිරිසනා දින කිහිපයක් එම වීඩියෝ නරඹමින් ලිංගික සුවයක් ලැබුවේය. ඉන් පසු එතැනින් නොනැවතුණු එම තිරිසනා එම විඞීයෝ පට අන්තර්ජාලයටද මුදා හළේය.

ගින්න පත්තුවූයේ ඉන් පසුවයි. එම විඞීයෝ පට අන්තර්ජාලයට මුදා හැර විනාඩි කිහිපයකට පසු වයස් භේදයකින් තොරව බොහෝ අය රසකර කර එම විඞීයෝ පට නැරඹූහ. ඉන්පසු මුළු රටම ඒ පිළිබඳව දැන ගත්තේය. අවසානයේ එම තරුණයා සහ තරුණියද මේ බව දැන ගත්තේය. එම අවස්ථාවේ තරුණයාට වඩා තරුණිය තම දෙමාපියන්ට, සමාජයට මුහුණ දෙන්න බැරිව අසරණ වූ තරම වචන වලින් ලියන්නට බැරිය. එයට අමතරව ඇයගේ දෙමාපියන්, සහෝදර සහෝදරයන් සමාජයට මුහුණ දෙන්න බැරිව කොතරම් අසරණ වන්නට ඇතිද. ඒවා වචන වලින් විස්තර කළ නොහැකිය. අනේක වාරයක් ඔහුන් මැරි මැරී ඉපදින්නට ඇත.

එම විඞීයෝ පට නැරඹූ සමහර පුද්ගලයෝ සිදු කළේ එය නරඹා ලිංගික ආශ්වාදයක් ලබා ගොන් ආතල්ද ගැනීමයි. එලෙස ගොන් ආතල් ලබා ගත් අය එම තරුණයාගේ සහ තරුණියගේ විස්තර සොයමින් විවිධාකාරයේ අසත්‍ය තොරතුරු පවා ප‍්‍රචාරය කළහ.

මේ සියල්ල දුටු සරිදු තමන්ට මඩ ප‍්‍රහාර එල්ල නොකරන ලෙසත් එම වීඩියෝ පට අයින් කරන ලෙසත් ඉතා බැගෑපත්ව ඉල්ලා සිටියේය. එහෙත් අනුන්ගේ දුකකදී සතුටු වන සමහර ගොන් වස්සෝ ඒ ඉල්ලීම සත පහකටවත් මායිම් නොකළහ. තව තවත් මඩ ගැසූහ.

තවත් ගොන් වස්සෝ පිරිසක් එම තරුණිය ගෙල වැලලාගෙන මිය ගියා යැයි පවසමින් අසනීපයක් නිසා මිය ගිය තරුණියකගේ පිංතුර රැසක් අන්තර්ජාලයේ දමා බොරු ප‍්‍රචාරයක් දී තිබුණහ. ඒ බව නොදත් සමහරු එක හෙළාම එය පිළිගෙන ‘‘අනේ අපොයි කියාද ?’’ පැවසූහ.

මෙම සිද්ධියේදී සම්පූර්ණ වරද ඇත්තේ එම තරුණයා සහ තරුණිය අතයි. දැන් වරද සිදුවී ඇත. එම වරද යළි කිසිසේත් ඔවුන්ට නිවැරදි කළ නොහැකිය. ඔවුන් දැන් සිදු කළ යුත්තේ සිදුවූ දෙය කෙලෙස හෝ අමතක කර තමන්ගේ ඉදිරි අනාගතය ගැන සිතීම පමණි.

එහෙත් සමාජයේ බොහෝ පිරිසක් මෙම ගැටලූව දිහා බැලූවේ වැරදි කෝනයකිණි. ඕනෑම ගැටලූවකදී තරාතිරම නොබලා සැමටම පිහිට වනවායි කියා

ගන්නා අය මෙම ප‍්‍රශ්නයේදී සිදු කළේ කුමක්ද? තව තවත් ඔවුන්ව මානසිකව වැට්ටවීම නොවේද? එය කොතරම් දුරට සාධාරණද යන්න තමන්ගේ හෘදසාක්ෂියෙන් විමසා ගත යුතුය.

කොටින්ම කියතහොත් ඕනෑම ගැටලූවක් තමන්ගේ නොවන තාක් කල් බහුතරයකට එය ආතල් එකකි. ඒ අපේ සමාජයේ හැටිය. එම තරුණයාට සහ තරුණියට නැවත වරක් කිව යුත්තේ වුණ දේ සිදුවී හමාරය. නැවත ඒ ගැන නොසිතා ඉදිරිය ගැන සිතමින් වැඩ කරන ලෙයසි. ඔවුනට අවසාන වශයෙන් තවත් දෙයක් මතක් කළ යුතුය. මෙරට ජනතාව සතියක් ඇතුළත සියලූ දේවල් අමතක වන බවයි.

Divaina

Related posts

කහ කිලෝ 902 ක් සමග සැකකරුවන් දෙදෙනෙකු මන්නාරම් වෙරළ තීරයේදී අත්අඩංගුවේ

colombotoday

පැය 24ක් තුළ රිය අනතුරුවලින් මරණ 11ක්

colombotoday

රාජ්‍ය සේවකයින්ට නිවසේ සිට වැඩ කිරීමේ ක්‍රමවේදයක්

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට බිත්තර පාලන මිල ඉවතට

Admin

වත්මන් රජය යටතේ තමන් ඇසූ, දුටු අමිහිරිම පුවත් ගැන සෙන්පති කමල් ගුණරත්න හෙළිකරයි

colombotoday

ජනපති සටනේ ආරම්භය..

colombotoday