World

සමාජ දුරස්ථභාවය පිළිබඳ නීති හේතුවෙන් නවසීලන්ත අගමැතිනිය අවහන්හලකින් දොට්ට

නවසීලන්තයේ ප්‍රජාව තුළ කොරෝනා වෛරසය පැතිරීම තුරන් කිරීම සම්බන්ධයෙන් එරට මෙන්ම විදේශීය රටවලද ගෞරවාදරයට පත්ව සිටින නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් , ඔහුගේ සහකරු වන ක්ලාක් ගෙෆෝර්ඩ් හා මිතුරන් පිරිසක් සමග පෙරේදා (16දා ) දිවා කාලයේ වෙලින්ටන් නගරයේ අවන්හලකින් ආහාර ගැනීමට ගිය අවස්ථාවේදී අගමැතිනිය විසින්ම අවන්හල් හා හෝටල්වලට හඳුන්වා දුන් සමාජ දුරස්ථභාවය පිළිබඳ නීතිය හේතුවෙන් අසුන් ගැනීමට ඉඩ මදි වීමෙන් අවන්හල් සේවකයින් විසින්ම ඔවුන්ව ආපසු හරවා යවා තිබේ.

අවන්හල් හා හෝටල් විවෘත කිරීමේදී කොරෝනා වෛරසය පැතිර යාම වැළක්වීම සඳහා පුද්ගලයින් දෙදෙනෙකු අතර ම්ටර් 2ක දුරක් පවතින ලෙස අසුන් පැනවිය යුතු බවට නවසීලන්ත අගමැතිනියගේ රජය විසින් නියම කර තිබීම නිසා ඇය සිය සහකරු හා මිතුරන් පිරිස සමග වෙලින්ටන් අගනුවර පිහිටි “ඔලිව්” අවන්හල වෙත ගිය අවස්ථාවේදී එහි අසුන් සියල්ල පිරී ගොස් තිබීම මෙම තත්ත්වයට හේතු වී තිබේ .අවන්හලේ සේවකයින් ලබා දීමට අසුන් නොමැති බව පැවසු සැනින් එම වදනට ගරු කරමින් අගමැතිනි ජසින්ඩා තම පිරිස සමග අවන්හලෙන් පිටතට ගොස් තිබේ . සුළු වේලාවකට පසු අගමැතිනිය ඇතුළු කණ්ඩායම මහා මාර්ගය දිගේ ඇවිද යන අතරේ අවන්හලේ සේවකයින් පිරිසක් විසින් ඔවුන් පසුපස දිවගෙන විත් අසුන් කිහිපයක් හිස් වූ බව පවසා නැවත ඔවුන්ව අවන්හල වෙත කැඳවා ගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

මෙහිදී මෙම සිද්ධිය පිළිබඳව සිය ට්විටර් ගිණුමෙහි ප්‍රකාශයක් සටහන් කර ඇති නවසීලන්ත අගමැතිනියගේ සහකරු වන ගෙෆොර්ඩ් කියා ඇත්තේ අවන්හලට යාමට පෙර නිසි පරිදි එය සංවිධානය කර අසුන් වෙන් කරගැනීමට කටයුතු නොකිරීම නිසා අසුන් නොමැතිව ආපසු හැරී යාමට සිදු වීමේ වගකීම තමා භාරගන්නා බවයි. නැවත අසුන් හිස් වීමෙන් පසු අවන්හල් සේවකයින් තම පිරිස ලුහුබැඳ පැමිණ කැඳවා ගෙන යාම ඉතා හොඳ ක්‍රියාවක් බවද ඔහු පවසා තිබේ.

කොරෝනා වසංගතය හේතුවෙන් සති හතක් මුළුල්ලේ අගුලු දමා තිබු නවසීලන්තය එම අගුලු දැමීම ක්‍රමයෙන් ලිහිල් කරමින් අවන්හල් හා හෝටල්වලට විවෘත කිරීමට අවසරය ලබා දුන්නේ ඉකුත් බ්‍රහස්පතින්දා (14දා) සිටය. ඒ දෙවැනි අදියරයේ රට අගුලු දැමීමේ නීති ලිහිල් කිරීම යටතේය.

අවන්හලේ ඉඩ මදි වී ආපසු හැරී යාමට සිදු වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමසු විටදී නවසීලන්ත අගමැතිනි ජසින්ඩා ආර්ඩන් ගේ කාර්යාලයේ ප්‍රකාශකයෙකු නවසීලන්ත මාධ්‍යයට පවසා ඇත්තේ කොරෝනා වෛරස් සීමා කිරීම් යටතේ අවන්හල්වල අසුන් ලබා ගැනීමට බලා සිටීම නවසීලන්තයේ සාමාන්‍ය සිදුවීමක් වී ඇති අතර අගමැතිනිය ට අවශ්‍ය වුයේ අනෙක් අය හා සමාන අයුරින් කටයුතු කිරීමට බවත්ය.

මිලියන 5ක ජනගහනයක් වෙසෙන නවසීලන්තයෙන් මෙතෙක් කොරෝනා ආසාදිතයින් 1149 දෙනෙකු වාර්තා වී ඇති අතර සිදුව ඇති කොරෝනා මරණ සංඛ්‍යාව 21 කි.

Related posts

ISIS ත්‍රස්තයන්ට ආගමික නීති 15කින් යුතු “ස්ත්‍රී දූෂණ අත්පොතක්” හදුන්වාදෙයි

colombotoday

ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟවෙයි

Admin

පෘථිවියට සමාන වූ තවත් ග්‍රහලෝකයක් හමුවෙයි

Admin

ශ්‍රී ලංකාව වගේ චීනයේ ‘ණය උගුලට’ අහුවෙන්නේ නෑ

colombotoday

ඉන්දීය ජාතික හිටපු නාවික නිලධාරීන් අට දෙනෙකුට මරණ දණ්ඩනය

Admin

ගාසා තීරය සමතලා කරන්න ජෙරිකෝ මිසයිල යොදා ගන්නැයි පාලක පක්ෂයේ සාමාජිකාවක් කියයි

Admin