World

සමූහ දූෂණයට ලක් වූ තරුණිය දින 14කට පසු මියයයි

සමූහ දූෂණයට ලක්වූ 19 හැවිරිදි තරුණියක් සති දෙකකට පසු ඉන්දියාවේ නවදිල්ලි නගරයේ රෝහලකදී මියගොස් තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ ඩලිත් කුළයට අයත් එම තරුණිය ඉහළ කුළයට අයත් පුද්ගලයින් සිව් දෙනෙකු විසින් සමූහ දූෂණය කර තිබූ බවයි.

මීට සති දෙකකට පෙර උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ, හත්රාස් නම් දිස්ත්‍රික්කයේදී එම සිද්ධිය සිදු වූ අතර ඉන්පසු පොලීසිය විසින් සැකකරුවන් සිව්දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සිදුවීම පිළිබඳව ඉන්දියාව පුරා දැඩි විරෝධයක් එල්ලවෙමින් පවතී.

පොලීසිය පැවසුවේ, සැකකරුවන් විසින් එම තරුණිය ඇදගෙන ගොස් පිට්ටනියකදී දූෂණය කර ඇති බවය. ඉන්පසු, ඔවුන් ඇයව අත්හැර දමා ගොස් තිබේ.

ඇයගේ සොයුරා පැවසුවේ, “ඇයව මැරෙන්න දාලා ගිහින් තිබුණේ. දින 14ක් ඇය ජීවිතය වෙනුවෙන් සටන් කළා,” යනුවෙනි.

Related posts

ඉන්දියාව සහල් අපනයනය නවතයි?

Admin

පිලිපීනයේ මගී නෞකාවක් ගිනි ගනී

Admin

නෙදර්ලන්ත මැතිවරණයෙන් මුස්ලිම් විරෝධී විල්ඩර්ස් පරාදවන ලකුණු

colombotoday

ඊශ්‍රායල – හමාස් භාරයේ සිටි තවත් ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස

Admin

අමෙරිකාවෙ පැයකට කොරෝනා ආසාදිතයන් 2600ක්

colombotoday

බංග්ලාදේශයේ ISIS ත්‍රස්තයන් හින්දු සන්නාලියෙක් මරා දමයි.. ඉස්ලාම් ආගම නරකයි කිවාලු

colombotoday