Colombo Today Local News

සහරාන්ගේ බිරිඳ ඇතුළු 5ක් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

ජාතික තවුහිත් ජමාද් සංවිධානයේ නායක සහරාන් හෂිම්ගේ බිරිඳ වන අබ්දුල් කාදර් ෆාතිමා හාදියා ඇතුළු සැකකරුවන් 05 දෙනෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඔවුන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා හමුවට ඉදිරීපත් කිරිමෙන් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය ලබා දී ඇති බව සඳහන් වේ.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාවේ සයින්දමරුදු පිපිරිමෙන් පසු සහරාන්ගේ බිරිඳ අත්අඩංගුවට ගනු ලැබූ අතර ඇය රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියේය.

මාස 18කට ආසන්න කාලයක් රැඳවුම් නියෝග මත සිටි මෙම සැකකාරිය ඇතුළු 06 දෙනෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 04 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කර තිබේ.

සහරාන් හෂිම්ගේ බිරිඳ ඊයේ (22) දිනයේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සාක්ෂි විමර්ශනය කෙරෙන ජනාධිපති කොමිසම වෙත ඉදිරිපත් කරනු ලැබුවේය.

කෙසේවෙතත් එහිදී ඇය සාක්ෂි ලබා නොදුන් අතර, සහරාන් හෂිම්ගේ බිරිඳගෙන් සාක්ෂි ලබා ගැනිම සිදුකරන්නේ ද නැද්ද? යන්න සම්බන්ධයෙන් අද දිනයේ දී තීරණයක් ලබාදීමට නියමිතව තිබේ.

ඊයේ දිනයේදී ඇය සාක්ෂි ලබාදීම සඳහා කොමිසම වෙත කැඳවා තිබුණ ද ඇයගෙන් සාක්ෂි විමසීම සිදුකෙරුණේ නැත.

Related posts

පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට 75%ක සහනාධාරයක්..

Admin

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

colombotoday

හෙළ උරුම – එජාප දීගය තව දුර යයි.. එකම පෙරමුණකින් පුංචි ඡන්දයට !

colombotoday

ලන්කන් ප්‍රිමියර් ලීග් තරඟාවලියට පැමිණි සොහේල් තන්වීර්ට කොරෝනා

colombotoday

බියර් නිෂ්පාදනයට සමාගමක් කමත්වලටගිහින් රතු වී අරගෙන

colombotoday

නිශ්පාදක සුමන්තිරන්, අධ්‍යක්ෂක රනිල්, කරු නළුවෙක් පමණයි…

colombotoday