Colombo Today Local News

සහරාන් කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒමේ සුදානමක්

සෞදියේ පොලිස් අත්අඩංගුවේ සිටින බව කියන සහරාන්ගේ අන්තවාදී කල්ලියේ සන්නද්ධ අංශ නායකයා මෙරටට රැගෙන ඒම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ  සඳහා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක්  පසුගිය 11 වැනිදා සෞදිය බලා පිටත්ව ගොස් ඇති බවයි ආරක්ෂක අංශ සඳහන් කළේ.

මොහොමඞ් මිල්හාන් නොහොත් අබු සීලන් නමැති එම සන්නද්ධ අංශ නායකයා මරාගෙන මැරෙන ප්‍රහාරයන්ට සූදානම්ව සිටි අයෙකු බවටද තොරතුරු වාර්තා කර තිබෙනවා.

ජාත්‍යන්තර පොලිසිය සහ ජාත්‍යන්තර බුද්ධි අංශ මගින්  බලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ගුවන්තොටුපොලේ සැඟව සිටි මිල්හාන් නමැති අදාළ සැකකාර පුද්ගලයා සෞදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

එදින මෙරටට පැමීණීමට නියමිතව තිබූ ගුවන්යානයකින් ඔහු පිටුවහල්කරන බවට සෞදි බලධාරීන් දැනුම් දුන්නද සතියක් යනතුරුත් මිල්හාන් නැමැත්තා මෙරටට එවා නැහැ.

Related posts

වංචා වැලැක්වීමේ පනත සංශෝධනයට අනුමැතිය

Admin

වෙසක් සැරසිලි වලට මුවා වී එන ඉන්දියානු අදුරු සෙවණැලි ගැන ඥාණසාර හිමි අනතුරු අගවයි

colombotoday

නාමල් ගෙන්වා ප්‍රශ්න කරන්න.. ඕන නම් අත්අඩංගුවට ගන්න.. නීතිපති FCIDයට නිර්දේශ කරයි

colombotoday

විශ්‍රාම යෑමේ අදහසක් නෑ !

colombotoday

නීතිපති පරණ නඩුවක් නැවත කැදවයි.. ඥාණසාර හිමි ඇතුළු 13කට නොතීසි

colombotoday

නිවාඩු අවලංගු කලත් තැපැල් සේවකයෝ වර්ජනයේ…

Admin