Colombo Today Local News

සහරාන් සහ නීතිඥ හිස්බුල්ලා මද්‍රසා පාසල් ළමුන්ට අවි පුහුණු ලබා දුන් බව හෙළිවේ

පාස්කු ඉරුදින එල්ල වු ත්‍රස්ත ප්‍රහාරය මෙහෙය වු සහරාන් හෂීම් සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා පුත්තලම ප්‍රදේශයේ මද්‍රසා පාසල් ළමුන්ට විදුහල්පති ඉදිරියේ අවි පුහුණු ලබා දී ඇති බව අනාවරණ වේ.

ඒ එම සිසුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද ප්‍රකාශවලින්.

එම ප්‍රකාශ ඇතුළත් විශේෂ වාර්තාවක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.

ඉකුත් වසරේ පාස්කු ඉරුදින එල්ල වු මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුර විමර්ශන වාර්තාවක් ඊයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

එහි දැක්වුණේ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැලැක්විමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා තබා ගෙන විමර්ශන සිදුකරනු ලබන නීතිඥ හිජාස් ඔමර් හිස්බුල්ලා සම්බන්ධයෙන් තවදුරටත් දීර්ඝ විමර්ශනයක් කරමින් පවතින බවයි.

මෙතෙක් සිදු කළ විමර්ශනවලට අනුව නීතිඥ හිජාස් ඔමර් නමැත්තාගේ ජාතික හැඳුනුම්පත් අංකයට අදාළව ජංගම දුරකථන අංක 07 ක් සහ ඒවා භාවිත කර තිබු ජංගම දුරකථන 09 ක් සම්බන්ධයෙන් කරුණු අනාවරණ වි තිබේ.

එම දුරකථනවල විශ්ලේෂණ වාර්තා ලබා ගනිමින් සැක සහිත දුරකථන සම්බන්ධතා සම්බන්ධයෙන් තවදුරටත් ප්‍රශ්න කරමින් අනාවරණවන කරුණු අනුව දීර්ඝ විමර්ශනයක් සිදු කරන බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම නීතිඥ හිජාස් විසින් සාමාජිකත්වය දැරූ මෙන්ම සභාපතිත්වය දැරු save the pearls socity නමැති සංවිධානය මගින් පුත්තලම අල් සුහරියා මද්‍රසා විද්‍යාලයට යොමු කර තිබු ළමයින් 24 දෙනෙකු සම්බන්ධයෙන් කරුණු අනාවරණ වී තිබේ.

ඒ අතරින් ළමයින් 10 දෙනෙකුගෙන් මෙම නීතිඥ හිජාස් මද්‍රසා පාසලට පැමිණ අන් ජාතීන් හා ආගමිකයින් කෙරෙහි වෛරයක් ඇති වන ආකාරයේ දේශන පවත්වා පුහුණුවීම් සිදු කර ඇති බවට අනාවරණ වී ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

පාස්කු ඉරුදින ප්‍රහාරය මෙහෙය වු මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් , ඉල්හාම් මොහොමඩ් ඉබ්‍රහීම් සහ මොහොමදු ඉබ්‍රහීම් මොහොමදු නවුෆර් යන අය පාසලට පැමිණ පැය එකහමාරක පමණ කාලයක් විඩියෝවක් පෙන්වු බවත් එම විඩියෝව මගින් ගුවන් හමුදාවෙන් පැමිණ බෝම්බ ගසන ආකාරය සහ මැරුණු මිනිසුන් වැටි සිටින ආකාරය පෙන්වා සිටි බව මෙම සිසුන් අතරින් එක් සිසුවෙකු ලබා දුන් සාක්ෂිවල සඳහන්.

ඉහත සිසුන් දස දෙනා අතුරින් තවත් එක් ළමයෙකු ලබා දුන් සාක්ෂිවල සඳහන් වු‍යේ , “හිස්බුල්ලා කියන ලොයර් කෙනෙක් ඇවිත් ලෙක්චර් එකක් තිබ්බා. “

“එයා ප්‍රොජෙක්ටර් එකකින් අපිට ඊශ්‍රායල සහ පලස්තින යුද්ධය කරන විඩියෝවක් පෙන්නුවා.”

“ඊශ්‍රාලයේ ක්‍රිස්තියානි කට්ටිය අල්ලගෙන ඉන්නේ අපේ පල්ලි කියලා කිව්වා. ලංකාවේ කතෝලික අයට ගැහුවොත් තමයි ඒ කට්ටිය බය වෙන්නේ කියලා කිව්වා.”

එම සිසුවා ලබා දුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වුයේ 2018 දෙසැම්බර් මාසයේදි හසීර් නවුෆර් නමැත්තෙකු පැමිණ තවත් දේශනයක් පැවැත්වු බවයි.

එහිදි හසීර් නවුෆර් ගණන් හැදිමේදි මිනිස් රූපදෙකක් ගෙන “එක් අයෙක් මැරුණොත් එකෙක් ඉතුරු වෙනවා කියා ඊශ්‍රායලයේ උගන්වනවා ” යැයි කිව්වා.

“ඒ ආකාරයෙන් අපිත් ඉගෙන ගන්න ඕන කිව්වා .”

“එක්කෙනෙක් අඩු වෙන්න නම් එක්කෙනෙක් මැරෙන්න ඕන කිව්වා”

“අපේ ආගම අපි බේරගන්න ඕන කතෝලික අයගෙන්, කතෝලික ආගමට විරුද්ධව අපි වැඩ කරන්න ඕන කිව්වා”

එම සිසුවා ලබා දුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වුයේ 2019 ජනවාරි මාසයේ දිනකදි මරාගෙන මැරෙන ප්‍රහාරය මෙහෙයවු සහරාන් හෂීම්, සුදු පැහැති KDH වර්ගයේ වෑන් රථයකින් පාසලට පැමිණි බවත් ඔහු එහිදි තමන් ඇතුළු අනෙක් සිසුන්ට දේශනයක් පැවැත්වු බවයි.

එහිදි සහරාන් විසින් “ඔහු කියන දේවල් කළොත් පවුල්වලට උදව් කරනවා” යැයි පැවසු බව සිසුවා ලබා දුන් සාක්ෂියේ සඳහන්.

“සහරාන් මවුලවි කිව්වා ආගම වෙනුවෙන් පණ හරි දෙන්න ඕන කියලා. ආගම බේරගන්න සටන් කරන්න ධෛර්යය තියෙන්නේ කාටද ඇහුවා”

” ඒ වෙලාවේ සමහර අය සටන් කරන්න කැමතියි කියලා කිව්වා. කැමතියි කිව්ව කට්ටියට විතරක් ඉදලා අනිත් කට්ටියට එලියට යන්න කියලා ප්‍රින්සිපල් කිව්වා. ලොකු කට්ටිය කිහිප දෙනෙක් හිටියා” යනුවෙන් සිසුවා ලබා දුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන්.

සාක්ෂි ලබා දුන් තවත් සිසුවෙක් පවසා ඇත්තේ පාසල් කටයුතුවලින් පසුව ප්ලාස්ටික් පුටු පේලියක් තබා පුටු අතරින් තමාට රිංගන්න කියු බවයි.

“ඒ වගේම පොලවට වතුර දාලා මඩකරලා ආමි ට්‍රේනින් වගේ පුහුණුවක් දුන්නා ” යැයි අදාළ සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අදාළ සිසුවාට පෙන්වු ඡායාරූප අතරින් නීතිඥ හිජාස් හිස්බුල්ලා යන අයව හඳුනා ගත් බව ඊයේ අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන්.

මෙම සිසුවා සිය සාක්ෂිය මගින් වැඩිදුරටත් පවසා ඇත්තේ ” වරක් තමා කළ වරදකට රිකාස් මවුලවිතුමා ඔහුට පොහොර උරයක දමා ගහක එල්ලා පහර දුන්නා” යනුවෙනුයි.

එමෙන්ම එක් අවස්ථාවක,ඊශා හාජ්ජියාර් නමැති අය සහ තවත් අරාබි ජාතිකයින් 04 ක් හෙලිකොප්ටරයකින් මෙම අල් සුහරියා මද්‍රසා විද්‍යාලයට පැමිණ ඔවුන් විදුහල්පති සමග සාකච්ඡා කර පාසලේ ඉගෙනුම ලබන සියලුම දෙනාට රුපියල් 3000 බැගින් ලබා දුන් අතර ඊට අතරව විදුහල්පතිවරයාට අරාබි මුදල් ලබා දුන් බවත් එම සාක්ෂියේ සඳහන්.

මෙම මද්‍රසා පාසලේ ඉගෙනුම ලැබු තවත් සිසුවෙකුගේ සාක්ෂියේ සඳහන් වන්නේ මෙම පාසලේදි සිංහල භාෂාව කතා කිරිම තහනම් වු බවත් එසේ කතා කළහොත් පහර දෙන බවය.

එමෙන්ම සහරාන් අවස්ථා කිහිපයකදි පාසලට පැමිණි බවත් ඔහුගේ සහෝදරයා වන රිල්වාන් වරකෙ බෝම්බයක් සහ තුවක්කුවක් ගලවා පෙන්වු බවද එම සිසුවා ලබා දුන් සාක්ෂියේ දැක්වේ.

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට සාක්ෂි ලබා දුන් තවත් සිසුවෙකු පවසා ඇත්තේ ‍නසීර් නවුෆර් යන අය විසින් පරිගණකයෙන් රොබෝ කෙනෙකු සාදා ඔහු මරන ලෙස පැවසු බවය.

මෙහිදී සාක්ෂි ලබා දුන් තවත් සිසුවෙකු මොහොමඩ් රිල්වාන් යන අයව ඡායාරූප මගින් හඳුනාගෙන ඇති අතර ” ඔහු තුවක්කුව ගලවා පෙන්වා වෙඩි තියෙන විදිය පෙන්නුවා ” යැයි ඔහුගේ සාක්ෂියේ සඳහන් වේ.

එමෙන්ම ළමයින්ට තුවක්කු බලන්න දුන් අවස්ථාවේ විදුහලේ විදුහල්පතිවරයාද සිටි බව එම සිසුවා ලබාදුන් සාක්ෂියේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සිසුන් ලබා දුන් සාක්ෂිවලට අනුව මරාගෙන මැරෙන බෝම්බකරු වන සහරාන් හෂීම්ට අමතරව ඉල්හාම් මොහොමඩ් මොහොමඩ් ඉබ්‍රහීම්, මොහොමඩ් ජිෆ්රි ෆාතිමා, නීතිඥ හිජාස් හිස්බුල්ලා, මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් සහ තවත් පිරිසක් වරින් වර මෙම මද්‍රසා පාසලට පැමිණ වැඩමුළු, දේශන සහ පුහුණු වැඩසටහන් පවත්වා ඇති බව ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයට දන්වා සිටියේය.

Related posts

පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට හදිසි පක්ෂ නායක රැස්වීමක්

colombotoday

“කොල්ලෝ කෙල්ලෝ ජල ප්‍රහාර වලට ආසයි.. ගැහුවේ ඒකයි.. අපිත් ඉස්සර ඔහොමයි” – ඇමති හරීන්

colombotoday

ව්‍යවස්ථාව තුළ මව්බසට හිමිවිය යුතු තැන.. යෝජනා තුනක් මහජන අනුමැතියට !

colombotoday

හිටපු අගමැති රනිල්ට එජාප නායකකමත් අහිමිවන ලකුණු… සජිත් ගේන්න ඇතුලේ කැරැළ්ලක්…

colombotoday

අගමැතිගේ නොමේරූ අවලාදවලට දෙරණෙ චතුරගෙන් ගාම්භීර පිළිතුරක්

colombotoday

බස්නාහිර පළාතේ පැය ‍10ක මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 681ක් අත්අඩංගුවේ

colombotoday