Colombo Today Local News

සැඟවී සිටි අපරාධ කරුවෙකු පොලිස් වෙඩි පහරින් මරුට

මොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි ඉකුත් මැයි 31දා පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කර කැලැ පැන සිටි සැකකරුවෙකුට පොලිසිය කල වෙඩි තැබිමකින් අද (05) දහවල් මියගොස් තිබේ.

මෙම වෙඩිතැබිමෙන් මියගොස් ඇත්තේ තෙනගල්ලන්ද.මාරාව,ඉත්තැකටුව ලිපිනයේ පදිංචිව සිටි කෝණාර මුදියන්සේලාගේ චමින්ද කුමාර යන අයයි.

මෙම සැකකරු යුධ හමුදාවෙන් පැනවිත් සැගව සිටි අයෙකු බව පොලීසිය පවසයි.

සැකකරුට පොලීසිය මෙම වෙඩිතැබිම කර ඇත්තේ එම සැකකරු අත්අඩංගුවට ගැනිම සදහා යාල ජාතික වනෝද්‍යානයට මායිම්ව ඇති කහමිබාන රක්ෂිත කැලයේ සිදුකල පොලිස් මෙහෙයුමක් අතරදි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම සැකකරු ඉකුත් මැයි මස 31 දින රාත්‍රි 8.30ට පමණ මොණරාගල තෙනගල්ලන්ද ප්‍රදේශයේදි දිසානායක මුදියන්සේලාගේ සෝබිත දිසානායක යන අයට පෞද්ගලික ආරවුලකට වෙඩිතබා ඝාතනය කර තිබුණි.

Related posts

මහින්ද, සිරිසේන, චන්ද්‍රිකා, රනිල් සෙට් එකම ඉන්න බුකිය HOT කරන අලුත්ම HITඑක (VIDEO)

colombotoday

ආණ්ඩුව ගහපු අලුත්ම බද්ද මෙන්සස් බද්දලු.

colombotoday

ජනපති පුටුවේ අසුන් ගත් සැකකරුවෙක් පොලිසියෙන් අල්ල ගනී

colombotoday

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin

“දෙමළ සිසුන්ට සිංහල පොලීසියේ අණ තේරිලා නෑ.. උතුරට දෙමළ පොලීසියක් දෙනු“ වික්‍රමබාහු

colombotoday

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday