Uncategorized

සිකුරු මාරුව ඔබට කොහොමද?

0849ix8aජ්‍යෝතිෂවේදයේ සිකුරු ග්‍රහයා තරුණ කාන්තාවකට සමාන කරයි. සිකුරු සියලු ලෞකික කාර්යයන් අරභයා බලය පතුරුවයි. සිකුරුගේ බල දුබලකම අනුව රාගික ෙච්තනා, කාමාශා අඩුවැඩිවීම, මෙලොව ජීවත්වීමේ ඇති ආශාව, අකමැත්ත ප්‍රකාශවෙයි. ස්‌ත්‍රීකාරක ග්‍රහයෙකු වූ සිකුරු විවාහ ජීවතයටත් ඊට සම්බන්ධ අනෙක්‌ කරුණු කාරණාත් කේන්ද්‍ර සටහනේ සිකුරුගේ පිහිටීම අනුව දැනගත හැකිය. ගුරු නොහොත්, බ්‍රහස්‌පති ළඟට සිටින සෞම්‍ය ග්‍රහයා සිකුරු වන්නේය. සිකුරුගේ පුත්‍රයා ලෙස ගුරු හැඳින්වේ. සිකුරුගෙන් පිරිසිදුකම, අලංකාරය, ප්‍රසන්න බව, ප්‍රිය පෙනුම, ආලය, ආදරය, කරුණාව, සැපසම්පත්, යානවාහන, ගේදොර, ඉඩකඩම්, සංගීත කලා කටයුතු (නළුනිළි) ආදී දේවල් නියෝජනය වෙයි. සිකුරු බලවත් නම් ශරීරය ශෝභා සම්පන්නවෙයි. උභය පාර්ශ්වයේ ආකර්ශනයට ලක්‌වෙයි. සිකුරු දුබල වීමෙන් උබය පාර්ශ්වයෙන්, නින්දා අපහාස ලෞකික සැප නොලැබීම, රූපය අවලස්‌සන වීම, ආලය ප්‍රේමය, පිළිබඳ දේවලින් දුරස්‌වීම. නොසන්සුන්කම ඇති කරන අතර මුත්‍රා ආබාධ, වකුගඩු ආබාධ, ඔසප්දෝෂ ප්‍රසූත දෝෂ ඇති කරයි.

සිකුරු ග්‍රහයාට අධිපති රාශි වන්නේ වෘෂභ, තුලා රාශි දෙකයි. මීන රාශිය උච්ච වෙයි. මිථුන, මකර, කුම්භ රාශි 03 ට මිත්‍රවේ. කටක, සිංහ රාශි දෙකට සතුරු වන අතර, සම රාශි වන්නේ මේෂ, වෘශ්චික, ධනු යන රාශි තුනයි. කන්‍යා රාශියට සිකුරු නීච වෙයි.

2015-10-01 දා සිකුරු, සිංහ රාශි ගතවී නොවැම්බර් 03 දා කන්‍යා රාශියට පිවිසෙයි. ඔබේ ලග්නයට සිකුරුගේ ගෝචර ගමන බලපාන්නේ මෙසේය.

මේෂ – සිකුරු 05 වැන්නේ ගමන් කිරීමෙන් සංගීත කලා කටයුතුවලට ලැදිවෙයි. ඉගෙනීම් කටයුතු වල යෙදී සිටින අයට යහපත්ය. පවුල් ජීවිතය යහතින් ගතකළ හැකිය. අකීකරු ගතියක්‌ විදහාපායි. සකසුරුවම පවතී. කොයි කාටත් උදව් උපකාර කරයි.

වෂභ – පෙනීමට ඔපයට අලංකාරයට කැමැතියි. ආඩම්බරයි. දේපළ ඉඩකඩම් වාහන ලාබ ලබයි. පපුවේ සෙම් ගතියක්‌ බලපායි. ගෙඩි වණ පිළිකා ඇතිවිය හැකිය. මව්ට අපලයි. සමාජයේ කැපී පෙනී සිටීමට කැමැතියි. අලංකාර ගෙයක වාසය පමුණුවයි.

මිථුන – 03 වැන්නේ සිකුරු ගමන් කරන නිසා රූපශෝභාව වර්ධනය වෙයි. මතක ශක්‌තිය හොඳින් පිහිටයි. ලෞකික සැප ලබයි. සහෝදර සම්බන්ධතා දියුණුවේ. නිරෝගීවේ. සංගීත කලා කටයුතු වලින් ගෞරවයට හා ප්‍රසිද්ධියට පත්වේ. ඉගෙනීම් කටයුතු වලට එතරම් ආශාවක්‌ නැත.

කටක – සිකුරු 02 වැන්නේ වීමෙන් ආදායම් තත්ත්වය යහපත්වේ. පවුල් ජීවිතය වාසනාවන්ත වේ. ආලය පිළිබඳ අදහස්‌ ඇතිකර ගනී. කථාවෙන් අන් අයගේ සිත් දිනාගනී. ගී සින්දු ගැයීමට දක්‍ෂතා දක්‌වයි. උගුරේ සෙම් බඳින ගතියක්‌ ඇතිවිය හැකිය, නළු නිළියන්ට ශුභයි.

සිංහ – උද්යෝගය හා උත්සාහය අඩුයි. ඉගෙනීම් කටයුතු වලටද දක්‍ෂ නැත. පෙනීමට ඔපයට සිටීමට කැමතියි. පිය සන්තක දේපළ වලින් ප්‍රයෝජනය ලබයි. අන්අයගේ ආදර ගෞරවය හිමිකරගනී. විනෝදය කෙරෙහි වඩාත් සිත් යොමුවේ. ලෞකික සැප ලබයි.

කන්‍යා – 12 වැන්නේ සිකුරු ගමන් කරන නිසා තම වැඩකටයුතු ගැන එතරම් උනන්දුවක්‌ නොගනී. බාහිර ඔපය අලංකාරය ගැන සිත් යොමුවේ. වැඩ කටයුතු හැම එකක්‌ම කල් දමයි. කලහකාරීන් සමඟ ආශ්‍රය ඇතිවේ. ගමන්බිමන් අධික කාලයකි.

තුලා – ලග්නාධිපති සිකුරු 11 වැන්නේ ගමන් කිරීමෙන් අපල උපද්‍රව බොහෝදුරට වැළකෙයි. රහස්‌ ප්‍රේම සම්බන්ධතාවයක්‌ නිසා සිතට කරදර ඇතිකරයි. ජනප්‍රියතාවයට පත්වෙයි. උගත් උසස්‌ අය ආශ්‍රයට ලැබේ. උභයපාර්ශ්වයේ සිත් දිනාගනී, ලිවීමට, කියවීමට කැමැතියි.

වෘශ්චික – සිකුරු 10 වැන්නේ ගමන් කිරීමෙන් පෙනීමට, ඔපයට හා විනෝද කටයුතුවලට වියදම් කරයි. ව්‍යාපාර කටයුතු වල නියෑලී සිටින අයට ශුභ දායකයි. අවිවාහක අයට විවාහ කටයුතු සාර්ථක කරගත් හැකිය. රැකියා නැති අයට රැකියා අවස්‌ථා සැලසේ.

ධනු – ආත්ම ගෞරවය රැකගෙන කටයුතු කරයි. වන්දනා ගමන් යෙදිය හැකිය. මුදල් ආයෝජනය කරන කටයුතුවලින් ලාභ ලබයි. උරුම හිමිකම් ලබයි. වෙහෙස මහන්සිවී වැඩ කිරීමට කැමැති නැත. සතුන් ඇතිකිරීමෙන් ලාභ ලබයි. ශරීර සෞඛ්‍ය තත්ත්වය යහපත්ය.

මකර – සිකුරු 08 වැන්නේ ගමන් කිරීම එතරම් ශුභදායක නැත. අපේක්‍ෂාවන් සාර්ථක නොවිය හැකිය. ජීවන තත්ත්වය අවුල් සහගතය. එහෙත් ප්‍රිය රූපශෝභාවක්‌ ගෙන දෙයි. දරුවන් අපේක්ෂා කරන අයට ප්‍රසූත දොaෂ ඇතිවිය හැකිය. වකුගඩු, මුත්‍රා ආබාධ ඇතිවේ.

කුම්භ – 07 වැන්නේ සිකුරු සිටීම නිසා නුසුදුසු අය සමඟ ප්‍රේම සම්බන්ධතා ඇතිකරගනී. කුජ ග්‍රහයාද 07 නිසා ධර්ම කර්මාධිපති රාජයෝගය යෙදෙයි. ගේදොර ඉඩකඩම් වාහන ලාභ ලැබිය හැකිය. මව් පාර්ශ්වයෙන් උදව් ලබයි. නැයින් සමඟ හිතවත්කම් දියුණු කරගනී,

මීන – 06 වැන්න සිකුරුට එතරම් ශුභ දායක නැත. රහසිගත සතුරු කරදර ඇති විය හැකිය. ලෙඩ රෝග නිසා ශරීරය දුර්වල කරයි. අන් අයගෙන් විවේචන දොස්‌ ඇසීමට සිදුවේ. මවගේ පාර්ශ්වයෙන් උදව් උපකාර ලබයි. ආහාර පාන ගැනීමෙන් ප්‍රවේශම් වන්න.

මීරිගම විද්‍යාල මාවතේ –
ආර්. ඇම්. ටී. බී. රත්නායක

Related posts

මම මැරෙන්න ඉස්සෙල්ලා අපේ හාමුදුරුවො නිදහස් වෙලා ආවොත් මට ඇති…! – ඥානසාර හිමියන්ගේ මෑණියන් කියන කතාව

colombotoday

අඩු ආදායම් ලබන්නන්ගේ සහන තවදුරටත් වැඩි කිරීම ජුලි මාසයේ

Admin

විදෙස්ගත ලාංකිකයින්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතිකවල පිටපත් ඔන්ලයින් ක්‍රමයට

colombotoday

සුදු වෙන්න උලන අහිතකර ආලේපන සමඟ අයෙක් අල්ලයි

Admin

උතුරේ ඡන්ද වර්ජණය කිරීමේ සූදානමක් !

colombotoday

පාස්කු ත්‍රස්ත සැකකරුවන්ගේ පවුල්වලට වියළි සලාක

colombotoday