Colombo Today Local Newsfeatured

සිමෙන්ති කම්හලක් බව පවසා හම්බන්තොට ඉදිකරන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනයට පරිසර සහතික නෑ

අද දින හම්බන්තොට මිරිජ්ජවිල මුල්ගල් තබනු ලබන තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය (රජය පවසන පරිදි සිමෙන්ති කම්හල) පිළිබදව වන සත්‍ය කතාව පිළිබඳව හෙලිදරව් කිරීමක් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සිදුකර තිබෙනවා.
නිදහස් පරිසරයක ජීවත්වීමට ඇති අයිතිය ප්‍රමුඛම පාරිභෝගික අයිතියක් වන නිසා හා යහපාලන ආණ්ඩුවේ මහා බොරුව රටට නිරාවරණය කල යුතු නිසා මෙම හෙළිදරවු කිරීම සිදුකරන බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානයේ සභාපති රන්ජිත් විතානගේ පෙන්වා දෙන්නේ.

මීට වසර කිහිපයකට පෙර ඉන්දියාවේ Accor Group Company යන සමාගම හා ඉන්දියාවේ තමිල්නාඩු සමාගමක් වන Silver Park International (Pvt) Ltd. සමාගම රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාට සම්බන්ධකමක් ඇති මෙරට සමාගමක් වන Lanka Oil Refinery Ltd සමාගම සමග එක්ව තෙල් පිරිපහදුවක් සදහා යෝජනාවක් ඉදිරිපත් කරන ලදි.එහෙත් එම අවස්ථාවේ රජය ප්‍රකාශ කළේ Lanka Oil Refinery Ltd සමාගමට තෙල් සම්බන්ධයෙන් කිසිදු පළපුරුද්දක් නොමැති බවයි. එම හේතුව නිසාම එම ව්‍යාපෘති යෝජනාව ප්‍රතික්ෂේප කරන ලදි.

පසුව සිංගප්පූරු වේ පිහිටා ඇති Silver Park International (Pvt) Ltd සමාගම Oman Oil and Gas Company සමග එක්ව හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුව සහ කොන්ක්‍රීට් අංගනය සදහා වන යෝජනාව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලදි. සාමාන්‍යයෙන් එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ වහාම ආයෝජන මණ්ඩලය විසින් එම යෝජනාව පිළිගන්නේ නම් පරිසර සක්‍යතා වාර්තාවක් කැදවනු ලබයි. නැතහොත් මධ්‍යම පරිසර අධිකාරිය විසින් හා වෙනත් ආයතන එක්ව තාක්ෂණික කමිටුවක් මේ සදහා පත්කරනු ලබයි. එහෙත් අනීතික ආකාරයට ආයෝජන මණ්ඩලයට බලපෑම් කළ Lanka Dockyard ආයතනයේ නිළයක් දැරෑ හා වර්තමානයේ ආයෝජන මණ්ඩලයේ නිළයක් දරන පුද්ගලයෙක් අමාත්‍ය මලික්සමරවික්‍රමගේ බලපෑම යටතේ ඉහත කී යෝජනාව පිළිගෙන පරිසර සක්‍යතා වාර්තාවක් කැදවන්නේ නැතිවම අද දින උක්ත ආයෝජන ගිවිසුමට අත්සන් කරන්නේ නීති විරෝධීවය.

පරිසරයට බලපාන අධිසංවේදී කාරණයකදී පරිසර සක්‍යතා වාර්තාවක් අනිවාර්ය වන අතර කලාපයට පමණක් කරන මූලික පරිසර වාර්තාවක් කිසිවිටකත් ප්‍රමාණවත් නොවේ. මෙම ව්‍යාපෘතිය සදහා මේ වන විට ඇත්තේ පසුගිය රජය විසින් කලාපයට කරන ලද මූළික පරිසර වාර්තාවක් පමණි. හම්බන්තොට නගර සභාවේ අනුමැතිය පවා හිමිව නැත.

මෙම තෙල් පිරිපහදුව නිසා සංචාරක ආකර්ෂණයක් ඇති තංගල්ල, උණවටුන, හික්කඩුව යන වෙරළ තීරයෙන් විනාශ වීමට ඉඩකඩක් ඇත.

කොළඔ වරාය නගර සැළැස්ම ආරම්භක අවස්ථාවේ දී රනිල් විකමසිංහ ප්‍රකාශ කළේ පරිසර සක්‍යතා වාර්තා නැති නිසා එම ව්‍යාපෘතිය නවතා දමන බවයි. එහෙත් මෛත්‍රීපාල සිරිසේන මහතා පරිසර අමාත්‍ය ධූරය දරන වර්තමාන රජය විසින් හම්බන්තොට මිරිජ්ජවිල තෙල් පිරිපහදුවේ ආයෝජන ගිවිසුමට අද දින අත්සන් කරන්නේ සහ මුල්ගල් තබන්නේ කිසුදු පරිසර අනුමැතියකින් තොරව වීම යහපාලනයේ මහ‌ා බොරැව හා දෙබඩි බව මුලු ලෝකයටම කියාපාමිනි.

නලීන් බණ්ඩාර පාර්ලිමේන්තු මන්තිවරයා සදහන් කරන්නේ මිරිජ්ජවිල ඉදිකරන්නේ සිමෙන්ති කම්හලක් බවයි. එය සිමෙන්ති කම්හලක් නොව කොන්ක්‍රීට් අංගනයකි. ශී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 16 වගන්තියයට වැටෙන ව්‍යාපෘතියක් වගන්ති අංක 17 යටතේ වන අනුමැතියක් ලබා දීමට මැදිහත් වන්නේ මලික් සමරවික්‍රම ඒ අනුව විශාල බදු සහන රැසක් උක්ත සමාගමට ලැබේ. ඔහුන්ගේ ආරම්භයත් සමග මෙරට කොන්ක්‍රීට් කර්මාන්තයේ නියැලෙන සමාගම් වසා දැමීමට සිදුවේ.

කෙසේ වෙතත් අප රජයෙන් ඉල්ලා සිටින්නේ ජනතාවට බොරැකීම හා මෙරට පරිසර විනාශ කරන වැඩපිළිවෙල වහා නවතා දමන ලෙසය.

විල්පත්තුව හා සමානව මෙරට මහා පරිමාණ පරිසර විනාශයක් සිදුකරන අනුමත පරිසර සක්‍යතා වාර්තාවක් නොමැතිව ඉදිකිරීමට සූදානම් වන තෙල් පිරිපහදුවට එරෙහිව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අධිකරණය වෙත කරුණු දැක්වීමට ක්‍රියා කරන බවද එම මාධ්‍ය නිවේදනයේ සඳහන්.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

TNL විකාශනාගාරය සීල් තැබූ හේතුව හෙළි වෙයි

colombotoday

අවලංගු කළ පක්ෂ නායක රැස්වීම Zoom තාක්ෂණය ඔස්සේ

colombotoday

යුද අපරාධකරුවන්ට දඩුවම් දෙන්න රජය ගෙනඇති පියවර ගැන ඇමරිකාවට සතුටුයි – තානාපති කියයි

colombotoday

විශ්‍රාම වැටුපෙන් මුදල් කපා ගෙන සියලු විශ්‍රාමිකයින්ට රජයෙන් රක්ෂණයක්

colombotoday

විදුලියත් අඛණ්ඩ වැඩ වර්ජනයක…?

colombotoday

අධිකරණ නියෝග කඩකරමින් දෙමල සන්ධානය පාගමනක.|ජනාධිපති නීතිඥ එම්.ඒ සුමන්තිරන් අධිකරණයට අපහාස වන සේ හැසිරෙයි.

colombotoday