Colombo Today Local News

සියොන් බෝම්බකරුගේ හිස යලි ගොඩගන්න නියෝග

මඩකලපුව සියොන් දේවස්ථානයේදි බෝම්බයක් පුපුරුවා ගෙන ජිවිත ගණනාවක් විනාශ කරන ලද මරාගෙන මැරෙන බෝම්බකරුගේ හිස කොටස මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු ස්ථානයක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සි. රිස්වාන් මහතා දිසාපතිවරයාට අද (30) නියෝග කර තිබෙනවා.

මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ නියෝග මත මෙම බෝම්බකරුගේ හිස කොටස පසුගිය අගෝස්තු මස 26 වෙනිදා මඩකලපුව, කල්ලියන්කාඩු සුසාන භූමියේ වලදැමූ අතර එයට විරුද්ධව පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. වියාලේන්ද්‍රන් ඇතුළු ජනතාව විරෝධතාවයක් පවත්වනු ලැබුවා.

ඒ අනුව මඩකලපුව දිසාපති එම්.උදයකුමාර් විසින් මෝසමක් මගින් අධිකරණයට පවතින තත්වය පිලිබදව වාර්තා කළ අතර දිසාපතිවරයා ගොනු කරන ලද කරුණු සැලකිල්ලට ගනිමින් මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී.රිස්වාන් මහතා විසින් නියෝග කලේ එම හිස කොටස ලබන සැප්තැම්බර් මස 02 වනදාට පෙර නැවත ගොඩ ගෙන රොහල් මෘත ශරිරාගාරයේ තබන ලෙසයි.

Related posts

කැලණි ගඟට කසල දමන්නන් සොයා CCTV සවි කිරීමේ සැලැස්මක්.

colombotoday

අල්ලස් නඩුවෙන් ඇමති රෝහිත නිදහස්

colombotoday

පියසේන ගමගේ ඇමති ධුරයක දිවුරයි !

colombotoday

ඊළඟ මාස කිහිපයේ මීටත් වඩා දරුණු තත්ත්වයකට මුහුණ දීමට සිදු වෙයි

colombotoday

බස් ගාස්තු ගෙවන ඩිජිටල් කාඩ් පතේ නියමු ව්‍යාපෘතිය අද සිට

colombotoday

කොරෝනා ආසාදිත ලාංකිකයන්ගේ සංඛ්‍යාව 70 දක්වා ඉහළට

colombotoday