Colombo Today Local News

සූර්ය කෝෂ බැටරි දේශීයව නිපදවීම පිළිබදව අවධානය.

සූර්යබල විදුලි ක්ෂේත්‍රයට නව නැම්මක් එක්කරමින්, සූර්ය කෝෂ සදහා බැටරි නිපදවීම දේශීය වශයෙන් සිදුකිරිමට සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ විශේෂ අවධානය යොමුවේ.

මේ වනවිට එක්සත් රාජධානියේ ස්ථාපිත කොට ඇති ස්ටොටෙරා (Stortera) ආයතනය මගින් මේ වනවිට මෙම බැටරි නිෂ්පාදනය සිදුකර අනෙකුත් රටවල් සඳහාද බෙදාහරිනු ලබයි. මෙම බැටරි නිපදවීමේ නිල හිමිකාරීත්වය ශ්‍රී ලාංකිකයෙකු සතුවීම මෙහි ඇති සුවිශේෂීත්වය වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රය, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත යොමුවී ඇති බැවින්, ඒ සදහා අත්‍යාවශ්‍ය අංගයක් වන බැටරි නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුකිරිම රටේ ආර්ථිකයට වඩාත් ලාභදායි වනබවත්, එමෙන්ම මෙම ව්‍යෘපෘතිය රට තුළ ස්ථාපිත කිරීමෙන් දේශීය වශයෙන් රටේ රැකියා ව්යුක්තියටද කදිම විසදුමක් වන බව බවත් පැවසූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, ජාත්‍යන්තරය ජයගත් ශ්‍රී ලාංකික තාක්ෂණික ඥාණය‍, මෙසේ සිය මව් රටට දායාද කිරීමට යොමුවිම සුවිශේෂී වන බව පැවසීය.

මෙම බැටරි නිෂ්පාදනාගාරය ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කිරිමට ඇති ඉඩ ප්‍රස්ථා පිළිබදව වැඩිදුරටත් කරුණු විමසූ සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමත්‍යවරයා, ඉදිරියේදී මේ සම්බන්ධයෙන් වැඩිදුර සාකච්ඡා පවත්වා, මෙම බැටරි නිෂ්පාදනාගාරය රට තුළ ස්ථාපිත කිරීමට අවශ්‍ය ඉදිරි පියවර කඩිනමින් ගතයුතු බව පැවසිය.

රටේ විදුලි නිෂ්පාදනය මේ වනවිට පුනර්ජනනීය බලශක්තිය මත යැපෙන නමුත්, ලෝකයේ සෙසු රටවල් සමග සංසන්දනාත්මකව බලන කල, ශ්‍රී ලංකාව තවමත් පුනර්ජනනීය බලශක්ති ව්‍යාප්තිය අතින් පහළ මට්ටමක පවතින බවත්, එම අභියෝගය බාර ගැනීමට සමහර කොටස් එකගනැති බවත් පැවසූ අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, තාක්ෂණික වශයෙන් ලෝකය ජයගැනිමට නම් මෙවැනි නව නිමැවුම් පිළිගතයුතු බවත්, ඒ තුලින් බිහිවන නව රැකියා අවස්ථා, තාක්ෂණික දැනුම මෙන්ම විදෙස් ආයෝජන වැනි විකල්ප අවස්ථාවන්ගෙන් රටටත් ජනතාවටත් විපුල ප්‍රයෝජන හිමිකර ගතහැකි බවත් අවධාරණය කළේය.

සූර්යබල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපාති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ඊයේ (14) පෙරවරුවේ එක්සත් රාජධානියේ ස්ටොටෙරා (Stortera) ආයතනය සමග zoom තාක්ෂණය ඔස්සේ මේ සම්බන්ධයෙන් පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම කරුණු අවධාරණය කරන ලදී.

Related posts

පොහොට්ටුවෙන් ඡන්දය ඉල්ලන මෛත්‍රීට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා – ප්‍රසන්න රණතුංග කියයි

colombotoday

මත්ද්‍රව්‍ය ජාවාරම් ගැන තොරතුරු ලබා දෙන්න අංකයක් | සත්‍ය තොරතුරු දෙන අයට වටිනා මුදල් ත්‍යාග

colombotoday

පෞද්ගලික සහයකත් රනිල් හැර යයි.. දිග ලිපියක් ලියා ඉල්ලා අස්වෙයි

colombotoday

“බුර්කාව තහනම් කරන්න තවම තීරණයක් නෑ” – විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයට කොරියානු රජයෙන් ආධාර රැසක්

colombotoday