Colombo Today Local News

සේවක අතිරික්තයක්, ලංගමේ 16,900 ක් ගෙදර යවන්න නියෝග

7a821ce14137e4f3781887fa2f83147a_L

මුදල් ලබාදීමට නම් ලංගමේ 36,700 වන සේවක සංඛ්‍යාව 19,800 දක්වා අඩුකරන ලෙස මහා භාණ්ඩාගාරය චක්‍රලෙඛයක් එවා ඇතැයි ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියයි.

කෙසේවුවද සේවකයන් එලෙස අඩු කිරීමට තමා මෙන්ම ප්‍රවාහන අමාත්‍යවරයාද අකමැති බව අබේසිංහ මහතා පැවසීය.

ලංගම සේවක අතිරික්තයක් තිබුණත් ඔවුන් තබාගෙන ලංගම පවත්වාගෙනයාමට උත්සාහ කරණ බවද ඔහු කියා සිටියේය.

වසර 2011 සිට 2014 දක්වා ලංගම සේවකයන්ට සේවක අර්ථසාධක මුදල් ගෙවා නැතැයිද ඔහු කියා සිටියේය. එසේ ගෙවීමට ඇති මුදල කෝටි 1000ක් බවද ඔහු පැවසීය.

එසේම සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදලට ගෙවීමට ඇති මුදල කෝටි 40කට වඩා වැඩිබවත්, පාරිතෝෂික දීමනා සඳහා කෝටි 200කට වඩා වැඩි බවද, ටයර් සඳහා ගෙවීමට ඇති මුදල කෝටි 30කට වඩා වැඩි බවත්, අමතර කොටස් සඳහා ගෙවිය යුතු මුදල කෝටි 30කට ආසන්න මුදලක්ද, සමස්තව ගෙවිය යුතු මුදල කෝටි 1,500කට ආසන්න බවද ඔහු කියා සිටියේය.

ලංගම සේවකයන්ට වැටුප් ගෙවීමට රුපියල් බිලියනයක් අවශ්‍ය බවද එය භාණ්ඩාගාරයෙන් ලබාගෙන බවද අශෝක මහතා පැවසීය.

Related posts

කෝටි හතර හමාරකට විකිනීමට ගිය ගජමුතු යුගලක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට

colombotoday

ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට පටහැනිද? නීතිපතිවරයාගේ ස්ථාවරය ලබන සඳුදා

colombotoday

මෛත්‍රී පත්කළ කමල් සිටියදී, මහින්ද හිරියාලට යළි සාලින්ද ‍ගෙනෙයි

colombotoday

අමිත ගමගේට නව තනතුරක්

colombotoday

මත්පැන් විකිණීමට බලපත්‍ර 4570ක් – ලයිෂන් ලයිස්තුව මැතිසබයට

Admin

ඉතාලියේ ශ්‍රී ලාංකිකයෝ ජනපති මෛත්‍රීට විරෝධය පා කලු කොඩි ඔසවයි

colombotoday