Colombo Today Local News

හම්බන්තොට තෙල් පිරිපහදුව වැඩබැරි සමාගමකට… ජනපතිවරණයට දින දෙකක් තිබියදී හොර රහසේ ගිවිසුම අත්සන් කරයි !

ජනාධිපතිවරණය දින දෙකක් තිබියදී ලංකා ආයෝජන මණ්ඩලය හා පෞද්ගලික සමාගමක් අතර නීති විරෝධී ආයෝජන ගිවිසුමක් අත්සන් කර ඇති බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.

එම සංවිධානය ඒ පිළිබදව නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

ආයෝජන මණඩලය ලහිලහියේ අද දින අත්සන කරන ලද නීති විරෝධී ආයෝජන  ගිවිසුම.

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල හා Sugih Energy International සමාගම අතර ආයෝජන ගිවිසුමක් අද දින (2019/11/14) දින ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී  දි අත්සන්  තබන ලදී. සාමාන්‍යයෙන් මෙවැනි ගිවිසුමක් සදහා ආයෝජන මණ්ඩලය පාර්ශවයෙන් අත්සන් තබන ලබන්නේ අයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක ජනරාල්වරයා වුවද අද දින මෙම ගිවිසුම සදහා අත්සන් තබන ලද්දේ ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයාය.

තෙල් පිරිපහදුව සදහා වන ආයෝජනයක් සදහා කැබිනට් මණ්ඩලය විසින් ඉහත කී Sugih Energy International  සමාගම සදහා අනුමැතිය ලබා දී ඇත්තේ මීට මාස ගණනකට පෙරය. කැබිනට් මණ්ඩලය විසින් එසේ අනුමැතිය ලබා දී ඇති කරුණු කිහිපයක් උල්ලංඝණය කරමින් අද දින ශ්‍රී ලංකා  ආයෝජන මණ්ඩලය විසින් ලහිලහියේ එම ගිවිසුම සදහා අත්සන් තබන ලදී.

එකී සමාගමට තෙල් පිරිපහදුව සදහා කිසිදු අත්දැකීමක් නැති අතර එම ආයෝජනය සදහා එකී සමාගමට ඇති හැකියාවද ශ්‍රී ලංකා  ආයෝජන මණ්ඩලය විසින් සොයා බලා නැත. තවද ආයෝජන ගිවිසුමක් සදහා සක්‍යතා අධ්‍යයන වාර්තාවක් (Feasibility Report) කැදවීම අනිවාර්යය වුවද මෙම ගිවිසුම සදහා එසේ සක්‍යතා අධ්‍යයන වාර්තාවක් කැදවා නොමැත. අධ්‍යන සක්‍යතා වාර්තා පමණත් නොව Project Proposal එකක් ද මෙම සමාගම ඉදිරිපත් කර නැත.

කැබිනට් මණ්ඩල විසින් අනුමැතිය ලබා දී ඇති කරුණු කිහිපයක් මෙම ගිවිසුම සෑදීමේදී කඩකර ඇත.

  • ඩොලර් බිලියන 24 ආයෝජනය ඩොලර් බිලියන එකකට අඩු කර ඇත.
  • වසර  හතරක් තුල එම ආයෝජනය මෙරටට ගෙන ඒම අනිවාර්යය වුවද මෙම ගිවිසුමට ඇතුලත්ව ඇත්තේ වසර පහක් තුල ‌ෙඩාලර් බිලියන එකක් මෙරටට ගෙන ආයුතු බවයි.
  • මෙයට සම්බන්ධ වන රේඛීය ආයතන වලින් අනුමැතිය ලබා ගත යුතු වුවද එකී අනුමැතියද ලබා ගෙන නැත. පරිසර අධිකාරියෙන් පවා අනුමැතිය ලබා ගෙන නැත.

මුදල් අමාත්‍යංශය විසින් Request For Proposal (RFP) වාර්තාවක් මෙම ආයෝජනය සදහා කැදවිය යුතු බව සදහන් කළද එකී වාර්තාවක් කැදවා නැත.

ලහිලහියේ අද දින අත්සන් කරන ලද මෙම ගිවිසුම සදහා වන ව්‍යාපෘතිය සදහා ඉඩමක් වෙන්කර නැති අතර ඉඩම ලෙස සදහන් කර ඇත්තේ හම්බන්තොට ලෙසය. ඉතාම කඩිමුඩියේ කැබිනට් මණ්ඩල විසින් පැනවූ කොන්දේ කඩකරමින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපතිවරයා හා මුදල් අමාත්‍යවරයා මෙන්ම මලික් සමරවිකම මහතා විසින් මෙම ගිවිසුම අද දින අත්සන් කරනු ලබන්නේ හම්බන්තොට වෙනත් මෙවැනි ආයෝජනයක් කිරීමට වෙනත් සමාගමකට ඇති අවස්ථාව අවහිර කිරීමටය. මෙවැනි ආයෝජන ගිවිසුමක් අත්සන් කරනු ලබන්නේ ව්‍යාපෘති වාර්තාව,සක්‍යතා අධ්‍යයන වාර්තාව විශේඥ  මණ්ඩලයක් මගින් අධ්‍යයන කර ලබා දෙන අනුමැතියෙන් පසුව තවදුරටත්  පරිසර වාර්තාව ඉහළ තාක්ෂණික කමිටුවක් මගින් අධ්‍යයනය කර අනුමැතිය ලබාදුන් පසුවය. එහෙත් මෙම කිසිදු පියවරක් මෙහිදී අනුගමනය කර නැත.

මෙවැනි හොර ගිවිසුම් අත්සන් කිරීමි පිළිබදව අප සංවිධානයේ විරෝධය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල වෙත පල කරන අතර මෙම ගිවිසුම අහෝසි කිරීම සදහා වන නීතිමය කියාමාර්ග ගැනීමට අප කටයුතු කරන බවද වගකිවයුතු නිළධාරීන්ට දැනුම් දෙමු.

රංජිත් විතානගේ- සභාපති – පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

කොටි පිළිරු ඉදිකිරීමට පැමිණි ශිවාජිලිංගම් හා සෂීදරන් ප්‍රදේශයේ තරුණයෝ පන්නා දමති

colombotoday

වෙඩික්කරුවෙකුට ආධාර අනුබල දුන් අයෙක් අල්ලයි

Admin

රත්‍රං මිල අදත් පහළ යයි

Admin

විදුලි බල මණ්ඩලයේ සභාපති පුටුව ධම්මික පෙරේරාට !

colombotoday

ජාතිවාදී සීමා නීර්ණයට එරෙහිව බෙංගමුවේ හිමියෝ උසාවියට !

colombotoday

දරුණු ගංවතුර අවදානම හේතුවෙන් කොළඹ විදුලිය විසන්ධි කෙරේ

colombotoday