Colombo Today Local News

හස්බුල්ලා සහ පුතා කෝප් කමිටුව මගහරී !

නැගෙනහිර හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා සහ ඔහුගේ පුත්‍රයා වන අහමඩ් හිරාස් හිස්බුල්ලා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප් කමිටුව) හමුවට අද (17දා) කැඳවා තිබුණද ඔවුන් එම අවසථාවට මුහුණ දීමට නොපැමිණියහ.

ඔවුන් දෙදෙනා යළි ඔක්තෝම්බර් 09 වැනිදා කොප් කමිටුව හමුවට කැඳවීමට නියෝග කරන බව එම කාරක සභාවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

මොවුන් දෙදෙනා විදෙස්ගතවී සිටින බවට කෝප් කමිටුවට දන්වා තිබෙන බවත්, සත්‍ය වශයෙන් ඔවුන් විදෙස්ගතව සිටින්නේද කියා සොයාබලා වාර්තාවක් සකසන බවත් සභාපතිවරයා සඳහන් කළේය.

බැටිකලෝ කැම්පස් ආයතනය හා හීරා පදනම ආශ්‍රිතව සිදුව ඇති මුදල් ගණුදෙනු  සම්බන්ධව කරුණු විමසීම සඳහා කෝප් කමිටුව හමුවට අද දිනයේදී ඔවුන් කැඳවා තිබුණි.

Related posts

කුඩ්ඩන්ට මත් කරල් දුන් පලා ආ සෙබලා යුක්තියේ දැලට පැටලෙයි

Admin

විදේශ ඇමති රට පාවා දුන්නා.. මානව හිමිකම් වාර්තාව එන්නේ ආණ්ඩුවේ එකගතාවයෙන් !

colombotoday

“අපි කාගෙවත් පස්සෙ යන්නෙ නෑ” – පොහොට්ටුවේ නියමුවාගේ තීරණය මෙන්න

colombotoday

සළුසලේ ගොඩනැගිල්ලක දේශපාලන හිතවතෙක් හෝටලයක් දමයි.. රාජ්‍ය දේපළ එළිපිට අවභාවිතයේ

colombotoday

ඥාණසාර හිමි අත්අඩංගුවට ගැනීමේ නියෝගය ආවේ සෞදියෙන් !

colombotoday

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

colombotoday