Colombo Today Local News

හිටපු ඇමති සාලින්ද දිසානායකගේ මරණින් පසු පාර්ලිමේන්තු යන්න පොරයක්. දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරි නීති ආදාර ඉල්ලයි

සාලින්ද දිසානායක මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වී ඇති කුරුණෑගල දිස්ත‍්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත‍්‍රීධුරය පිරවීම සඳහා අවශ්‍ය නීතිමය උපදෙස් ලබා දෙන ලෙස කුරුණෑගල දිස්ත‍්‍රික් තේරීම්භාර නිලධාරියා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර තිබේ.

කුරුණෑගල දිස්ත‍්‍රික් එජනිස පරාජිත ලැයිස්තුවේ ඉහළින්ම සිටි ශාන්ත බණ්ඩාර මහතා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්ව සිටි අතර දිසානායක මහතාගේ අභාවයෙන් පසුව එම පුරප්පාඩුවට පත්වීමට හෙතෙම ජාතික ලයිස්තුවෙන් ඉල්ලා අස්විය.

එමෙන්ම සාලින්ද දිසානායක මහතාගේ මරණය සිදුවන විට ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරමින් සිටි නිසා පුරප්පාඩුව හිමි විය යුත්තේ තමාට බව පරාජිත ලැයිස්තුවේ 12 වැනි ස්ථානයට මනාප ලබා සිටි හිටපු පළාත් ඇමැති ආර්. එම්. ඞී. බී. හේරත් මහතා සඳහන් කර ඇත.

මෙම තත්ත්වය තමාට අලූත් අත්දැකීමක් බැවින් එය විසඳීමට නීතිමය උපදෙස් අවශ්‍ය බව කුරුණෑගල තේරීම්කාරක නිලධාරිවරයා ඉල්ලීමක් කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් (පාර්ලිමේන්තු මැතිවරණ) රසික පීරිස් මහතා පැවසීය.

මේ අනුව ඉදිරියේදී මැතිවරණ කොමිසම මගින් අවශ්‍ය නීති උපදෙස් ලබා දීමට කටයුතු කරන බවද රසික පීරිස් මහතා කියා සිටියේය.

Related posts

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday

UNP මැයි රැළියේ CTB බස් පෝලිම (Video)

colombotoday

යකඩ බෝයාවක් මොරගල්ල වෙරළට ගොඩ ගසයි

colombotoday

ලොකු ලොක්කන්ගේ අවසරයෙන් මඩකලපුව එරාවූර් බෝධීන් වහන්සේ කපා දමයි…

colombotoday

නිරිත දිග මෝසම දිවයින හරහා ස්ථාපිත වෙයි.. මුහුද රළුයි.. වැසි තද වෙයි

colombotoday

පංති කාමරයක බාල්කයක එල්ලෙන අභිරහස් මළ සිරුරක්

colombotoday