Colombo Today Local News

හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් සහ බලධාරීන් සිමෙන්ති සංස්ථාවට කෝටි 40ක පාඩුවක් සිදු කරලා

හිටපු කර්මාන්ත ඇමැති රිෂාඞ් බදියුදීන් ඇතුළු එවක තම සංස්ථාවේ බලධාරීන් සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධියට අදාළව 2019.11.07 දින හදිසියේ අත්සන් කළ අතිරේක බදු ගිවිසුමක් මගින් තම සංස්ථාවට රුපියල් කෝටි 40කට අධික පාඩුවක් සිදු කර ඇති බවට පොලිස්පතිවරයා වෙත ශ‍්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවේ වත්මන් සභාපති නීතිඥ ගාමිණී ඒකනායක මහතා පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

නීතිපතිවරයාගේ හෝ සංස්ථා අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතිය මේ සඳහා ලැබී නොමැති බව පැවසූ සභාපතිවරයා, රජයේ ඉඩම් සම්බන්ධයෙන් ගිවිසුමකට ඇතුළත්වීමේදී නීතිපතිවරයාගේ අනුමැතිය නොමැතිවීම බරපතළ වරදක් බව ද පෙන්වා දුන්නේය.

ඉහත පැමිණිල්ල කොටුව පොලිස් මූලස්ථානය වෙත පැමිණ ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා එසේ පැවසුවේය.

මේ රටෙහි සිමෙන්ති අවශ්‍යතාව සැපිරීමට ශ‍්‍රී ලංකා සිමෙන්ති සංස්ථාවට තිබූ හැකියාව පුත්තලම සහ ගාල්ල සිමෙන්ති කම්හල් පාඩු ලබන බව පවසා විකුණා දැමීමට කටයුතු කළ මෙරට ඇතැම් පාලකයන් නිසා අහිමිව ගිය බව පෙන්වා දුන් සභාපතිවරයා, කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කටයුතු ද තිස් වසරක යුද්ධය හේතුවෙන් නතර වූ බව සිහිපත් කළේය.

කෙසේ වෙතත් මේ වන විට වත්මන් විෂය භාර අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් මත ශ‍්‍රී ලංකා සිමෙන්ති සංස්ථාව යළි නඟා සිටුවීමට ගත හැකි සියලූ පියවර ගනිමින් සිටින බවත් ඒ යටතේ කන්කසන්තුරේ සිමෙන්ති කම්හල යළි විවෘත කිරීමේ හැකියාවත් විකුණා දමා ඇති පුත්තලම සිමෙන්ති කම්හලට දීර්ඝකාලීන ලෙස බදු දී ඇති සංස්ථාවට අයත් පුත්තලම අරුවක්කාරු හුණුගල් නිධිය සහිත අක්කර 5142ක ඉඩම මගින් ලැබෙන ආදායම පිළිබඳවත් කඩිනමින් සොයා බැලූ බවත් නීතිඥ ගාමිණී ඒකනායක මහතා මෙහිදී සඳහන් කළේය.

ඒ අනුව අරුවක්කාරු හුණුගල් නිධියට අදාළ බදු ගිවිසුම පිළිබඳ සොයා බැලීමේදී 1993 සිට ඇරඹී ඇති මේ බදු ගිවිසුම අනුව වසර 5 කට වරක් වාර්ෂික බදු මුදල 12%ක අගයකින් ඉහළ දැමිය යුතු බව සඳහන් වූ බව ද ඒ මහතා අනාවරණය කළේය. එහෙත් මේ වසර 5කට වරක් සිදු කළ යුතු 12%ක බදු මුදල් වැඩි කිරීම 2019 තෙක්ම සිදු නොවූ බව පෙනී ගිය බවත් ඒ හිඟ බදු මුදල් මේ වන විට පුත්තලම සිමෙන්ති සමාගම පවත්වාගෙන යන ෂියාම් සිටි සමාගමෙන් ලබාගැනීමට ගිවිසුම ප‍්‍රකාරව 2016 සිට 2018 දක්වා සාකච්ඡා සිදුව ඇති බවත් කෙසේ නමුත් අවසානයේ දී ඒ හිඟ බදු මුදල් අයකර ගැනීම අතහැර දැමීමට ඉහත කී අතිරේක බදු ගිවිසුම් මගින් කටයුතු කර ඇති බවත් සභාපතිවරයා වැඩිදුරටත් අනාවරණය කළේය.

මෙම බරපතළ මූල්‍ය වංචාවට එවකට විෂය භාර අමාත්‍ය රිෂාඞ් බදියුදීන් ඇතුළු සිමෙන්ති සංස්ථා බලධාරීන් වගකිවයුතු බව පෙනී යන බවත් මෙම පැමිණිල්ල නිසි පරිදි විමර්ශනය කර කඩිනමින් මේ ජනතා මුදල් කොල්ලයට වරදකරුවන් වන පිරිස නීතිය ඉදිරියට ගෙන ආ යුතු බවත් ඒ මහතා අවසන් වශයෙන් අවධාරණය කළේය.

Related posts

”ජනපතිගේ කතාව විශිෂ්ඨයි” – හිටපු ඇමති මංගලගෙන් පැසසුම්

colombotoday

පාස්කු ඉරිදා ප්‍රහාරය වැළැක්වීමේ වගකීම පැහැර හැරි සියලු දේශපාලනඥයින් බලයෙන් පහ කල යුතුයි – අගරදගුරුතුමා

colombotoday

රාජ්‍ය මර්දනයට එරෙහිව ඒකාබද්ධ විරෝධය අද : විරෝධයට ජවිපෙ එන්නෙ නැහැ

Admin

අයවැයෙන් වෙන්කල මුදල් සොයන්නයි VAT වැඩි කලේ – ඇමති රාජිත

colombotoday

අස්වැසුම ප්‍රතිලාභීන්ගේ ඔක්තෝම්බර් මාසයට අදාළ මුදල් හෙට ගිණුම් වලට

Admin

රාජ්‍ය ආයතනවල සේවය කරන ගර්භනී මවුවරුන් සේවයට කැඳවීම අත්හිටුවයි

colombotoday