Colombo Today Local News

හිටපු ජනපතිගේ බලපෑම් නිසා නීතිය හා සාමය ඇමතිධූරය අතහැරියා – සාගල රත්නායක

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතැම් නඩුවලට සම්බන්ධ සැකකරුවන් නිදහස් කිරීමට සිදුකළ බලපෑම් හේතුවෙන් තමන් නීතිය හා සාමය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ බව හිටපු නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයෙකු වන සාගල රත්නායක මහතා සඳහන් කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයාබලන කොමිසම හමුවේ සාක්ෂි ලබාදීමට හිටපු නීතිය හා සාමය අමාත්‍යවරයකු වන සාගල රත්නායක මහතා ඊයේ පැමිණියේ දෙවන දිනටය.

“ඔබ නීතිය හා සාමය අමාත්‍ය ධූරයෙන් ඉවත් වුණේ ඇයි ?” රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරිය සාගල රත්නායක මහතාගෙන් විමසීය.

ඊට පිළිතුරු ලබාදෙමින් සාගල රත්නායක මහතා ප්‍රකාශ කළේ “මම මේ කතාව මෙච්චර දවසක් කිසිම කෙනෙක්ට කියලා නැහැ.”

“නීතිය හා සාමය අමාත්‍යාංශයේ අපි වැඩකර ගෙන යනකොට පොලීසිය විවිධ දේශපාලන සම්බන්ධතා ඇති නඩු ප්‍රමාණයක් විමර්ශනය කරගෙන ගියා.”

“සමහර ඒවා කරන්න වෙනම මූල්‍ය අපරාධ ඒකකයක් පිහිටවූවා, තව නඩු කොටසක් ඝාතන සම්බන්ධ නඩු. “

“ඒවා කළේ CID එක.

මේ CID නඩු පිළිබඳව අහන්න ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා අවස්ථා කිහිපයකදීම මාවයි ඒ CID නිලධාරින්වයි ජනාධිපති කාර්යාලයට කැඳෙව්වා, කැඳවලා අපිට දොස්පැවරුවා මේ නඩුවලින් චෝදනා ලබල ඉන්න අයට අගතියක් වෙලා තියෙනවා වහාම ඔවුන්ව නිදහස් කරන්න කියලා.”

“ඒ අය අතර යුද හමුදා නිලධාරින් ඉන්නවා ඔවුන් යුද අපරාධවලට සම්බන්ධ නැහැ කියලා ජනාධිපති කියනකොට CID නිලධාරින් කිව්වා ඔවුන් ඝාතනවලට සම්බන්ධව නීතිපතිගේ උපදෙස් අනුව නඩු පවරපු අය කියලා.”

“නිදහස් කරන්නනම් නීතිපතිගෙ උපදෙස් ගත යුතුයි කියලත් ඔවුන් කිව්වා, අනිත් පැත්තේ ජනාධිපතිවරයා දේශපාලන වේදිකාවට නැගලා කිව්වා ‘නඩු හරියට විභාග වෙන්නෙ නැ, රාජපක්ෂලා එක්ක ඩීල් එකක් තියෙනවා’ කියලා.

මං ඒ වෙනකොට හොද පෞරුෂයක් තියෙන අමාත්‍යවරයෙක් නිසා මං හිතුවා අමාත්‍ය ධූරයෙන් ඉවත් වෙන්න, මං අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට කියලා වෙන වගකීමක් ඉල්ලාගෙන නීතිය හා සාමය ඇමතිධූරය අතහැරියා.” යනුවෙන් පැවසීය.

අනතුරුව කොමිසම ඉදිරියේ පෙනී සිටියේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාය.

එහිදි ඔහු විසින් සිය කතාවක් අතර තුරදී ගනු ලැබු දුරකතන ඇමතුමක් සම්බන්ධයෙන් අවධානය යොමුවිය.

අනතුරුව රජයේ අතිරේක සොලිසිටර් ජනරාල්වරිය විමසුවේ “පූජිත් මහත්තයා කා එක්කද ඔය කතා කළේ?”

ඊට පිළිතුරු ලබාදෙමින් පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ “නිලමේ කියලා කෙනෙක් ඇවිල්ලා කට උත්තරයක් දීලා.

ඔහුට ආයේ එන්න කිව්වා ඔහු එන්නේ නැහැ කියලා අදාළ අංශයෙන් ප්‍රශ්නයක් නැගුවා, මම කිව්වා ඔහුව ගෙන්වා ගෙන ප්‍රකාශය කර ගන්න කියලා මම ඒක පැහැදිලි කරලා කිව්වා.”

“සර් කියලා කතා කරන්නේ කාටද?,”

මෙහිදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරිය පූජිත් ජයසුන්දර මහතාගෙන් විමසීය.

“සර් කියලා මට වඩා විශ්‍රාම ගිය ජේෂ්ඨ නිලධාරීන් අමතලා මම කතා කරනවා. පුරුද්දක් විදිහට මම සර් කිව්ව අයට සර් කියලමයි කතා කරන්නේ.”

ජනාධිපති, අගමැති, ඇමතිවරු, හිටපු ඇමතිවරුන්ට පුද්ගලිකව සර් කියලා කතා කරනවා, සමහර වෙලාවට ආරක්ෂක ලේකම්ට ජනාධිපති ලේකම්ටත් සර් කියලා කතා කරනවා.

ඔතනදී හරියටම සර් කිව්වේ කාටද කියලා මතක නැහැ,” යනුවෙන් පුජිත් ජයසුන්දර මහතා සාක්ෂි ලබාදුන්නේය.

“නමුත් ඔබගේ දුරකථන සංවාදයේ දී ඔබ ප්‍රකාශ කළා අනිවාර්යෙන් arrest වෙන්නේ නැහැ කියලා නේද ? ඔබ දැන් ඇත්ත නෙමෙයි නේද මේ කියන්නේ ?”

රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල්වර පුජිත් ජයසුන්දර මහතාගෙන් ඔහු විමසීය.

ඊට පිළිතුරු ලබාදෙමින් පූජිත් ජයසුන්දර මහතා සඳහන් කළේ “මම කනගාටු වෙනවා එහෙම තක්සේරුවක් කළ එක ගැන, මම එහෙම කළා නම් ආර්ථික වශයෙන් සහ සමහර පොලිස් නිලධාරීන් වැජඹෙන ආකාරයට ඉන්න තිබුණා, මම බැටකාපු කෙනෙක්.”

Related posts

මේ ආණ්ඩුවෙන් ගොඩගියේ තුන්දෙනයි.. ඒ අර්ජුණ්ගෙ බෑණයි.. තාජුඩීනුයි, ලසන්තයි – විමල්

colombotoday

යාල වනඋද්‍යානයේ ගල්ගේ නව පිවිසුම ජනතා අයිතියට

colombotoday

පොලිස් නිලධාරියෙකුට පහර දුන් කතක් සමඟ තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

ඉරනයෙන් නැවතත් තෙල්

colombotoday

එකම දෙවියන් අදහන කතෝලික හා මුස්ලිම් අතර ගැටුමක් නිර්මාණය කිරීමට උත්සහ ගන්නා බවට වෛරී ප්‍රකාශයක්

colombotoday

පාස්කු ප්‍රහාරය ගැන එවා තිබූ අසම්පුර්ණ ගොනු 40 ක් ආපසු යවයි. සම්පුර්ණ විමර්ශන ගොනු එවන ලෙස පොලිස්පතිවරයාට නීතිපතිගෙන් ලිඛිත උපදෙස්.

colombotoday