Colombo Today Local NewsCovid 19

හිතුවක්කාර මිනිස්සු ඉන්නකන් ලොක් ඩවුන් කරලා වැඩක් නෑ ! වත්මන් තත්වය ගැන ජනපති සැරටම කියයි

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරිම වෙනුවෙන් සමස්ත රටම නිරෝධායනය කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනපති ලේකම් කාර්යාලයේ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම සඳහා ස්ථාපිත කර ඇති කාර්ය සාධක බලකාය හා පැවැති හමුවකදී ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

“මුළු රටම නිරෝධායනය කරන තරමට අපි ඇවිත් නෑ. දින දෙකක් මම මේ ගැන හිතුවා හමුදාවත් එක්ක මේ ගැන කථා කළා. සියලු දෙනෙක්ම රටට ඇතුළු විම නැවැත්වුවා.

අපි කොච්චර වැහුවත් වැඩක් තියෙනවද? විදේශ අමාත්‍යංශයේ සේවිකාවගේ ස්වාමිපුරුෂයා මැණික් බිස්නස් කරපු කෙනෙක්. මේක දැනගත්ත ගමන් මම කිව්වා එයාගේ පාට්නර් අල්ලන්න කියලා.

එයා පැනලා ගිහිල්ලා.එයා ඉස්පිරිතාල තුනකට ගිහිල්ලා බුද්ධිමත් කෙනෙක් වගකීමක් නැතිව කටයුතු කරනවා. මම කිව්වා නඩු දාන්න කියලා.

ගාල්ලේ හැදුණ පුද්ගලයා ඉන්නේ කුලියාපිටියේ. අපි කුලියාපිටියට ගිහින් කිව්වා පවුලම නිරෝධායනය වෙන්න කියලා. එයා නිකම්වත් කිව්වේ නෑ තාත්තා ඉන්නේ ගාල්ලේ කියලා.

තාත්තට හැදුනා. මේ වගකීමෙන් තොරව කටයුතු කරනවා. හැදුණ අයට විශාල ලෙස පැතිරිලා නෑ. මේක අපිට පාලනය කර ගන්න පුළුවන්. ”

https://youtu.be/q_WOT6oTWTk

Related posts

“බොදු විරෝධීන් සමග එකට ඉදගෙන භික්ෂූන් මර්ධනයට පණත් හදනව. UNPය ලැජ්ජ වෙන්න ඕන” – ඤාණසාර හිමි

colombotoday

පඩි වැඩි කරන්න නම් බදු වැඩි කරන්න වෙයි. – ඇමති බන්දුල කියයි

Admin

යෝෂිත අත්අඩංගුවට ගැනීමට ඩීඅයිජී අනුර දිසානායක කළ මෙහෙයුම ගැන විමල් කියයි

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් මයික් පොම්පෙයෝ හෙට දිවයිනට

colombotoday

ලංගම ය සේවක අර්ථසාධක සහ භාරකාර අරමුදලට බිලියන 10ක් ණයයි

colombotoday

කොරෝනා ආසාදිතයන් 4ක් අනුරාධපුරයෙන්. මුළු සංඛ්‍යාව 76 දක්වා ඉහළ⁣ට

colombotoday