Colombo Today Local News

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයට සෞදියෙන් ඒවා ඇති ඩොලර් මිලියන 100 ගැන පරීක්ෂණ

බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවෙට් ලිමිටඞ් නමැති සමාගම විසින් මඩකලපුව පූනානි ප‍්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්වවිද්‍යාලයට අයත් ඉඩම මහවැලි අධිකාරිය මගින් ශ‍්‍රී ලංකා හිරා පදනම වෙත 2013 වසරේ ජූලි මස 12 වැනිදා ග‍්‍රාමීය පුහුණු මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑම සඳහා ලබා දී ඇතැයි මෙතෙක් කරන ලද පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇතැයි කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ පෙරේදා (17 වැනිදා) කියා සිටියේය.

ඉදිකරමින් පවතින එම විශ්වවිද්‍යාලය සඳහා සෞදි අරාබියේ සිට එවා ඇති ඇමරිකන් ඩොලර් මිලියන 100 කට අධික මුදලක් සම්බන්ධව මුදල් විශුද්ධිකරණ පනත යටතේ විමර්ශන සිදුකරන බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු වාර්තා කළේය.

2016 වර්ෂයේ මාර්තු මස 04 වැනිදා සිට 2017 වර්ෂයේ ජුනි මස 07 වන විට බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවට් ලිමිටඞ් නමින් ඇති ගිණුමට මිලියන 3640 ක මුදලක් ලැබී ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී ඇති බවටත්, ශ‍්‍රී ලංකා හිරා පදනම සහ බැටිකලෝ කැම්පස් ප‍්‍රයිවෙට් ලිමිටඞ් යන දෙකම කොළඹ 08 ප‍්‍රදේශයේ ලිපිනයකින් ලියාපදිංචි වී ඇති බවටත් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණි.

2018 වර්ෂයේ අගෝස්තු මස 01 වැනිදා ලංකා බැංකුවේ කොල්ලූපිටිය ශාඛාවේ ශ‍්‍රී ලංකා හිරා පදනමට අයත් ගිණුමට සෞදි අරාබියේ සමාගමකින් මිලියන 40 යි දශම 2 ක්, ඇමරිකන් ඩොලර් මිලියන 2 යි දශම 09 ක් සහ ඇමරිකන් ඩොලර් මිලියන 04 යි දශම 08 ක මුදලක් ලැබී ඇති බවට අනාවරණය වී ඇති හෙයින් ශ‍්‍රී ලංකා හිරා පදනමේ මොහොමඞ් හිස්බුල්ලා, අහමඞ් හිරාස් හිස්බුල්ලා, මොහොමඞ් ලෙබ්බේ අලින් මොහොමඞ් හිස්බුල්ලා, මොහොමඞ් සහබ්දීන් මොහොමඞ් ඉක‍්‍රම්, කමල් ධර්මසිරි තෙන්නකෝන් ඇතුළු නව අධ්‍යක්‍ෂ මණ්ඩලයේ 08 දෙනාගේ ගිණුම් වාර්තා ලබාදෙන ලෙස අදාළ බැංකු බලධාරීන්ට නියෝගයක් ලබා දෙන ලෙස මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය. ඊට අදාළ නියෝග ලබාදුන් මහෙස්ත‍්‍රාත්වරිය වැඩිදුර විමර්ශන පවත්වා කරුණු වාර්තා කරන ලෙසට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියම කළේය.

Related posts

දණ්ඩනීති පනත තාවකාලිකව නතර කළා විතරයි.. සංශෝධන සහිතව යළි ‍ගේනවා

colombotoday

කහතුඩුවේ පෙම් සබඳතාවක් නිසා තරුණයින් දෙදෙනෙක් අතර ගැටුමක්

Admin

අසාද් සාලි, එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා සහ රිෂාද් බදියුදීන්ට එරෙහිව පැමිණිලි 8ක්

colombotoday

ශ්‍රී ලංකාව තුල තහනම් ඉස්ලාම් අන්තවාදී සංවිධාන යලිත් ප්‍රසිද්ධියේ වැඩ අරඹයි

colombotoday

කොස්ගොඩ තාරකගේ මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලය හසුරවන ප්‍රධානියා අල්ලයි

colombotoday

විජේදාස රාජපක්‍ෂ විදේශ ඇමතිකම එපා කියයි…

colombotoday