Colombo Today Local Newsfeatured

හිස්බුල්ලාගේ ෂරියා විශ්වවිද්‍යාලයේ අනාගතය ජනපති අතට

පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් මඩකලපුව විශ්ව විද්‍යාලය හෙවත් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධ සකස් කළ වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා  වෙත සහ නව රජයේ අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට කාරක සභාව තීරණය කළ බව එහි සභාපති මහාචාර්ය ආශු මාරසිංහ මහතා දැනුම් දුන්නේය.

ඒ මහතා මේ බව සඳහන් කළේ, අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අද (20දා) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස් වූ අවස්ථාවේදීයි.

බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනය සම්බන්ධව කාරක සභාවේ වාර්තාව 2019 ජූනි 21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර එය ඉන් අනතුරුව ඒවකට පැවති අමාත්‍ය මණ්ඩලය වෙතද ඉදිරිපත් කරන ලදී.

දැනට පවතින ආරක්ෂක තත්වය සලකා බලා මෙම ආයතනයේ මුදල් ලැබීම, අනවසර ඉදිකිරීම්, බලයෙන් රජයේ ඉඩම් අත්පත් කර ගැනීම් ආදී සියල්ල නීති විරෝධී ආකාරයෙන් කර ඇති බව තහවුරු වන බැවින් හදිසි නීතිය යටතේ වහාම රජයට පවරා ගැනීමටත් (උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගත් ආකාරයෙන් ) සියළුම වැරදි කරුවන්ට ඒරෙහිව තරාතිරම නොබලා කඩිනමින් නීතිමය පියවර ගැනීමටත් රජය වහා ක්‍රියා කළ යුතු බව අනු කාරක සභාව විසින් නිර්දේශ කර තිබිණි.

ආංශික අධීක්ෂණ කාරක සභාව විසින් බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනය සහ ඒ හා සම්බන්ධ අනෙකුත් ආයතන හා සමාගම් පිළිබඳ අනුකාරක සභාවේ තොරතුරු පිරික්සීම ශ්‍රී ලංකා හීරා පදනම බැංකු කටයුතු ආරම්භ කළ 1993 වර්ෂයේ සිටම සිදුකර තිබේ. එසේ අනුකාරක සභාව විසින් සිදුකරන ලද තොරතුරු පිරික්සීම අනුව වාර්තාව තුළ අඩංගු නිර්දේශ අතර මෙම ආයතනය ගොඩනැංවීම සඳහා ප්‍රදානයන් වශයෙන් හෝ ණයක් වශයෙන් පැහැදිලි නොවන ශ්‍රී ලංකා රුපියල් බිලියන 3.6ක් පමණ වන විදේශිය මුදලක් අවස්ථා හතකදී වරින් වර ලැබී ඇති බව සඳහන් වේ.

මෙයට අමතරව මෙම ආයතනය සම්බන්ධ ලිපි ලේඛණ පරික්ෂා කිරීමේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට සහ උසස් අධ්‍යාපන අමාත්‍යංශයට ඒකී ආයතනය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු වල Bachelor of Arts in Sharia and Islamic Studies යනුවෙන් සටහන් වීමෙන් මෙකී ආයතනය ස්ථාපනය කිරීමේ ප්‍රධාන අරමුණක් වී ඇත්තේ ඒ් හරහා ෂර්යා නීතිය හෝ ඉස්ලාම් ධර්මයට අදාල උලමාවරුන් බිහි කිරීම බවට සැක පහල වන බව කාරක සභා නිරීක්ෂණ වල සඳහන් වේ.

තවද අනු කාරක සභාව විසින් කරන ලද නිරීක්ෂණ වලදි බැටික්ලෝ කැම්පස් (ප්‍රයිවෙට්) ලිමිටඩ් ආයතනයේ සියළුම ගොඩනැගිලිවල වාස්තු විද්‍යානුකූල හැඩරුව සහ සංකේත සියල්ල ඉස්ලාම් ආගමට සහ අරාබි ගෘහ නිර්මාණ ශිල්පයට අයත් අතර ඒහි භූමි අලංකරණය මගින් ප්‍රදේශයට ආගන්තුක අරාබි පරිසරයක් නිර්මාණය කර ඇති බවද ඒහි තවදුරටත් සඳහන් වේ.

අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිරීක්ෂණ වාර්තාවේ ඇතුළත් කර ඇති නිර්දේශ අතර, ශ්‍රී ලංකාවේ වර්තමානයේ ඇතිවී තිබෙන ගැවළු සලකා බලන විට මෙවැනි ෂර්යා ධර්මය හෝ මූලධර්මවාදී ආගම් උගන්වනු ලබන ආයතන බිහි වීම රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බැවින් ඒවැනි ආයතන වලට කිසිසේත් අවසර නොදිය යුතු බව දක්වා තිබේ.

අධ්‍යාපනය හා මානව සම්පත් සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිත්වය මහාචාර්ය ආශු මාරසිංහ මහතා දරණ අතර එහි සාමාජිකයන් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී සුජිත් සංජය පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන්, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයපාල හෙට්ටිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කුමාරි විජේරත්න යන මහත්ම මහත්මීන් කටයුතු කරන ලදී.

Related posts

ජනපති කොවිඩ් මර්දන කාර්ය සාධක බලකාය හමුවෙයි.. ජනපතිගෙන් ජනතාවට සහතිකයක්

colombotoday

කුඩු හේමමාලාගේ සයකයෙක් අල්ලයි

colombotoday

ෆොන්සේකා ලංකාවේ යුද අපරාධ කළ බවට කියද්දී එසේ නොකළ බවට කරුණා අම්මාන් සාක්ෂි දෙන්න ඉදිරියට අවා

colombotoday

රට පුරා හදිසි නීතිය ක්‍රියාත්මකයි, ඇප නෑ – බලපාන කරුණු සියල්ලම මෙන්න..! (VIDEO)

colombotoday

අන්තවාදී කල්ලි, කොටි, පාතාලය ගෝඨාට එරෙහිව එකතු වේ. – බුද්ධි අංශ අනතුරක් ගැන කියයි. ගෝඨාට විශේෂ ආරක්ෂාවක්?

colombotoday

ඩීසල් ලීටර් 19,000ක් සමග 4ක් අත්අඩංගුවේ

colombotoday