Colombo Today Local News

හෙට පාර්ලිමේන්තු සංකිර්ණයට රැගෙන එන තොන්ඩමන්ගේ දේහය

ලංකා කම්කරු කොංග්‍රසයේ නායක, අභාවප්‍රාප්ත අමාත්‍ය ආරුමුගම් තොන්ඩමන් මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු එළැඹෙන 31 වනදා හැටන් නෝවුඩ් ක්‍රීඩාංගණයේදී සිදු කිරීමට නියමිතයි.ඊයේ (26)දින පස්වරුවේ හටගත් හෘදයාබාධයක් හේතුවෙන් ඔහු බත්තරමුල්ල,තලංගම රෝහලට ඇතුලත්කරන විටත් මියගොස් සිටියේය.1964 මැයි 29 වනදා උපත ලැබූ ආරුමුගන් තොණ්ඩමන් මහතා කඳුරට දේශපාලනයේ නොමැකෙන නාමයකට හිමිකම් කියන සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ මුනුබුරෙකි.

ලංකා කම්කරු කොංග්‍රසයේ නායකත්වය තොණ්ඩමන් මහතාට හිමිවන්නේ 1999 සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාගේ අභාවයෙන් පසුවයි.

1994 වසරේ පැවැති මහ මැතිවරණයෙන් පළමු වරට පාර්ලිමේන්තුව සදහා තේරීපත් වන ඔහු, එතැන් පටන් වසර 26ක කාලයක් වතු කම්කරු ජනතාව නියෝජනය කරමින් අඛණ්ඩව නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වීමට සමත් විය.

දේශපාලන දිවියේ විවිධ අමාත්‍යධුර හෙබවූ ඒ මහතා මියයන විට වත්මන් ආණ්ඩුවේ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන කැබිනට් අමාත්‍යධුරය හෙබවමින් සිටියේය.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වන ඔහු දරුවන් තිදෙනෙකුගේ පියෙකි.මියයන විට ඒ මහතා 55 වියේ පසු විය.

ඊයේ පස්වරුවේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් ඔහු තලංගම ප්‍රාදේශීය රෝහලට ඇතුලත්කර ඇති අතර රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

තොණ්ඩමන් මහතාගේ අභාවය සැලවීමත් සමග අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් රැසක් තලංගම රෝහල වෙත පැමිණ සිටියේය.

සිය නායකයාගේ වියෝව සැලවීමත් සමග කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස මූලස්ථානය අසලට රැස්වූ පක්ෂ ආධාරකරුවන් හා වතු කම්කරුවන් ශෝකය ප්‍රකාශ කළ අතර තොණ්ඩමන් මහතාගේ අභාවය හේතුවෙන් වතුකරයේ කිසිඳු වතු කම්කරුවෙකු අද දිනයේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටි අතරම වතු කම්කරුවන් පදිංචි නිවාස හා වතු මාර්ග සුදු කොඩි වලින් සරසා තිබුණි.

අභාවප්‍රාප්ත තොණ්ඩමන් මහතාගේ දේහය ඊයේ රාත්‍රියේ බොරැල්ල පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කෙරුණු අතර අද උදෑසන ඔහු පදිංචි බත්තරමුල්ල, කුඹුක්ගහදූව මාවතේ පිහිටි නිවස වෙත දේහය රැගෙන ආවේය.

දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ද පැමිණ සිටි අතර දේශපාලඥයන් ඇතුළු බොහෝ පිරිසක් තොණ්ඩමන් මහතාගේ දේහයට අවසන් ගෞරව දැක් විය.

තොණ්ඩමන් මහතාගේ දේහය හෙට (28) දින උදෑසන පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ගොස් රාජ්‍ය ගෞරව සහිතව එහි පැය කිහිපයක් තැන්පත් කර පසුව කොළඹ 03, මල්වත්ත පාරේ පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කරන බව අවමංගල්‍ය කමිටුව සඳහන් කළේය.

එළැඹෙන 29 වනදා දින ඒ මහතාගේ කොත්මලේ රම්බොඩ පිහිටි නිවස වෙත දේහය රැගෙන ගොස් 30 වනදා කොටගල පිහිටි ලංකා කම්කරු කොංග්‍රස් මූලස්ථානයේ තැන්පත් කරනු ඇති.

Related posts

“මගේ අවසර නැතිව භික්ෂූන් වහන්සේලා අත්අඩංගුවට ගන්න එපා” – ජනපතිගෙන් නියෝගයක්

colombotoday

සිරගත කොටි සැකකරුවන්ට නිදහස ඉල්ලා අලුත් පරපුර ඇතුළු NGO ක්‍රියාකාරීන් වීදි බසී

colombotoday

දුරකථන ඇමතුම් දත්ත ඇතුලත් බැදුම්කර වාර්තාවේ පිටපත ජනතාවට නිකුත් කරයි….

colombotoday

මහියංගනයේදී නිරෝධායනය ප‍්‍රතික්ෂේප කළ අයකුට අධිකරණ ක්‍රියාමාර්ග

colombotoday

2020 රටේ නායකත්වයට වැඩි කැමැත්ත ගෝඨාභයටයි.. කොළඹ විශ්වවිද්‍යාලයේ නවතම සමීකෂණය හෙළිකරයි

colombotoday

දුක අස්සේ Dialog තුප්පහි වැඩක. | සිග්නල් නැතිව ටොයිලට් එක උඩ උගන්වන හාමුදුරුවන්ගේ ගමට ඇවිත් ගම්මුන්ගෙන් 3000 ගානේ එකතු කරයි.

colombotoday