Colombo Today Local News

හෙම්මාතගම අනාරක්ෂිත ගොඩනැගිල්ලක් පොලීසියෙන් වසාදමයි

හෙම්මාතගම, අරණායක ප්‍රධාන මාර්ගය අසල පිහිටි කඩ කාමර අටකින් යුතු තෙමහල් ගොඩනැගිල්ලක ඇතිව තිබෙන ඉරිතැලිම් කිහිපයක් හේතුවෙන් එහි වෙළෙඳ ආයතන වසා දැමීමට හෙම්මාතගම පොලීසිය විසින් අද (22)දින දැනුම්දීමක් කර තිබේ.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකර එහි වාර්තාවක් ලබා ගන්නා තෙක් පවතින අනතුරුදායක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණය ගෙන ඇත.

හෙම්මාතගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපති, වසම භාර ග්‍රාම නිලධාරී ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායමක් එම ගොඩනැගිල්ල පිහිටි ස්ථානයට ගොස් ඒ පිළිබඳ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව එම තීරණයට එළඹ තිබේ.

හෙම්මාතගම නගරයේ පිහිටා ඇති මෙම තෙමහල් ගොඩනැගිල්ල, නගරගිරි මහා විද්‍යාලයට දරුවන් පැමිණෙන ප්‍රධාන ගේට්ටුව අසල පිහිටීම හේතුවෙන් එහි අවධානම තවත් තීව්‍ර වී ඇත.

ගොඩනැගිල්ල ඉදිරිපිටින් පාසල් දරුවන් මෙන්ම ජනතාව වැඩි වශයෙන් ගමන් කිරීම වැළැක්විමට පොලිස් නිලධාරින් කිහිපදෙනෙක් සේවයේ යෙදවීමට කටයුතු කරන බව හෙම්මාතගම පොලීසිය පවසයි.

මේ වන විට එම ගොඩනැගිල්ලේ ඉරිතැලිම් කිහිපයක්ම දක්නට ඇති අතර, ගොඩනැගිල්ලේ කොන්ක්‍රීට් කණු කිහිපයක් සෙලවිය හැකි බව ද එහි පැමිණි නිලධාරින්ට නිරීක්ෂණය වී තිබේ.

මෙම තෙමහල් ගොඩනැගිල්ලේ මහල් දෙකක කඩ කාමර ඇති අතර තුන්වන මහලේ දැනට වසර කිහිපයකට පෙර උපකාරක පංති පැවැත්වීම් කර ඇත.

පවතින අවදානම හේතුවෙන් එහි පංති පැවැත්වීම් සිදුනොකර තුන්වන මහලයට යන පිවිසුමේ ගෙට්ටුව ඉබි යතුරු යොදා වසා ඇත.

Related posts

”වරාය නැගෙනහිර පර්යන්තයෙන් බාගයක් විකුණනවා.. හොද ආයෝජකයෙකුත් හමුවුණා” – වරාය ඇමති

colombotoday

සම්පායෝට ඇප

colombotoday

“නීතිය හා සාමය” දුන්නත් මම බාර ගන්නෑ – ෆොන්සේකා

colombotoday

බැදුම්කර හොරු රකින්න ‘සිරිකොතේ හාමුදුරුවන්ට‘ ලක්ෂ 500ක ගතමනාවක් !

colombotoday

අද ඩොලරයේ මිල මෙන්න

colombotoday

“මොන හේතුවක් නිසාවත් අධ්‍යාපනය නොසලකා හරින්න එපා” – සා.පෙළ සිසුන්ට අගමැති සුබ පතයි

colombotoday