Colombo Today Local News

හෙරොයින් ජාවාරම් කළ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙක් අත්අඩංගුවේ

හෙරොයින් ජාවාරමේ නිරත වූ ගුවන් හමුදා සෙබලුන් දෙදෙනෙකු සහ කාන්තාවක් පාදුක්ක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පාදුක්ක පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ වැටලීම් තුනක දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

පාදුක්ක නගරයේ දී සැකකරුවන් දෙදෙනෙකු සහ අකුරැස්ස ප්‍රදේශයේ දී සැකකාරිය අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 390ක් සොයාගත් බව පොලීසිය සඳහන් කළේය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 28 ක් වු වැල්ලවාය හා තලංගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, කාන්තාව වයස අවුරුදු 43ක් වු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකාරියකි.

Related posts

‘‘දේවගැති ජෙරොම් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගන්න එපා‘‘

Admin

“බැදුම්කර හොරුන්ගේ වත්කම් පවරාගෙන ඔවුන්ව එල්ලන්න ඕනෑ’ – රන්ජන්

colombotoday

සෞඛ්‍ය ලේකම් වෘත්තීය සමිති හදිසියේ කැඳවයි

Admin

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

කොරෝනා වෛරසයට ගොදුරු වූ තවත් පුද්ගලයෙක් පිලිපීනයේදි මියයයි

colombotoday

මාස 5ක දරුවා වඩාගෙන කුඩු බොන්න සිඟමනේ ගිය කතක් පෑලියගොඩ දී අත්අඩංගුවට

Admin