Colombo Today Local News

හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙකු නාවික හමුදා සහයෙන් නීතියේ රැහැනට

නාවික හමුදාව සහ මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය එක්ව 2020 අප්‍රේල් 15 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශයේදී හෙරොයින් සමඟ සැකකරුවන් අට දෙනෙක් (08) අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලදි.

මත්ද්‍රව්‍ය ව්‍යසනය මෙරටින් තුරන් කිරීමේ ජාතික කර්තව්‍යට සහය දක්වන ශ්‍රී ලංකා නාවික හමුදාව නිරන්තර මෙහෙයුම් ක්‍රියාත්මක කරමින් ජාවාරම්කරුවන් විශාල පිරිසක් නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කර ඇත. ඒ අනුව, උතුරු මැද නාවික විධානයේ නාවික පුද්ගලයින් පිරිසක් විසින්, මන්නාරම, දිසා දූෂණ මර්ධන ඒකකය හා එක්ව ක්‍රියාත්මක කල තවත් මෙහෙයුමක් 2020 අප්‍රේල් මස 15 වන දින මන්නාරම, සවුත්බාර් ප්‍රදේශය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කරන ලදි. එහිදී සැක කටයුතු ලෙස රැඳි සිටි පුද්ගලයින් අට දෙනෙකු (08) නිරීක්‍ෂණය කර ඔවුන් වැඩිදුර පරීක්‍ෂාවට ලක් කිරීමේදී එම පුද්ගලයින් සතුව තිබී මිලිග්‍රෑම් 1020 ක පමණ හෙරොයින් ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර, ඒ අනුව එම හෙරෝයින් සමග පුද්ගලයින් අට දෙනා (08) අත්අඩංගුවට ගන්නා ලදි.

අත්අඩංගුවට පත් සැකකරුවන් මීගමුව සහ මන්නාරම ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බව හඳුනා ගන්නා ලද අතර, අදාල සැකකරුවන් සහ හෙරොයින් ප්‍රමාණය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දෙන ලදි.

Related posts

ලයිට් බිල වැඩි කිරීමේ යෝජනාව අද කැබිනට් මණ්ඩලයට..

colombotoday

ඉන්දියාව ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරයි.. සර්වඥ ධාතු මෙරටට වැඩමවන්න බෑ කියයි

colombotoday

මලික් සමරවික‍්‍රමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක්?

colombotoday

“2020 අගමැති අපේක්ෂකයා මමයි” විධායකයෙන් පාර්ලිමේන්තුවට ජනපතිගෙන් කරණමක්?

colombotoday

ඡන්දෙන් පසු ප්‍රබල අමාත්‍යාංශ තුනක් ජනපති යටතට

colombotoday

ඇඳිරි නීතිය කැඩුවාට දැඩි දඩුවම්

colombotoday