Colombo Today Local News

හෝමාගම ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දීරයේදී ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් සමඟ පැවැති සාකච්ඡාවකින් අනතුරුව හෝමාගම ප්‍රදේශයේ ඉදිකිරීමට සැලසුම් කර තිබූ ක්‍රිකට් ක්‍රිඩාංගණ ව්‍යාපෘතිය අත්හිටුවිමට තීරණය කර තිබේ

මීට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ප්‍රවීන ක්‍රිකට් ක්‍රිඩකයින් වන රොෂාන් මහානාම, සනත් ජයසූරිය, කුමාර් සංගක්කාර, මහේල ජයවර්ධන, ලසිත් මාලිංග ඇතුළු පිරිසක් එක්ව සිටියේය.

එහිදී ඔවුන් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩනැංවිම සදහා ක්‍රියාත්මක කළයුතු යෝජනා කිහිපයක් ඉදිරිපත් කළේය

එම අවස්ථාවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වූ මහේල ජයවර්ධන කියා සිටියේ මෙරට පාසල් ක්‍රිකට් ක්‍රිඩාව නැංවිම සදහා පියවර රැසක් ගත යුතුව පවතින බවයි.

Related posts

ළමා හා මාතෘ මන්දපෝෂණය ගැන අද පාර්ලිමේන්තු විවාදයක්

colombotoday

වන ජීවී දෙපාර්තමේන්තුවට වාර්තාගත ආදායමක්

Admin

අද සිට අතුරු මාර්ගවල පොලිස් මෙහෙයුම්

colombotoday

ඡන්දයක් පැවැත්වූවොත් පරාජයට පත්වන බව ශෂීන්ද්‍ර රාජපක්‍ෂ කියයි.

colombotoday

රාජපක්ෂ සිව් සොහොයුරෝ මුල් වරට පොහොට්ටු වේදිකාවේ…. ගෝඨාභය නෙළුම් මාවතෙන් දේශපාලන ගමන අරඹයි

colombotoday

ඔක්තෝබර් 31 කල් ඉකුත්වන ෆයිසර් එන්නත් මිලියන 7ක්

colombotoday