Colombo Today Local News

වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමේ

කොවිඩ් 19 ආසාදිතයින් කිහිප දෙනෙකු හමුවීම සැලකිල්ලට ගනිමින් වේයන්ගොඩ ආර්ථික වෙළඳ මධ්‍යස්ථානය වසා දැමීමට පියවර ගත් බව එම ආර්ථික මධ්‍යස්ථානය බාර සභාපති, ගම්පහ දිසාපති සුනිල් ජයලත් මහතා පැවසීය.

මෙහි වෙළඳ සහායකයින් කිහිප දෙනෙකු සහ පිටස්තරින් පැමිණ ඇති 9 දෙනෙකුට වෛරසය ආසාධනය වී ඇති බව පී.සී.ආර් පරීක්ෂණ වලදී තහවුරු වී ඇත.

මේ හේතුවෙන් මෙහි වෙළඳුන්, නාට්ටාමිවරුන් සහ එළවළු රැගෙන එන්නන් 363 දෙනෙකු පී.සී.ආර් පරීක්ෂණ සදහා භාජනය කොට ඇති බවත් එම පරීක්ෂණ වාර්තා ලැබීමට ඇති බවත් එම ආර්ථික මධ්‍යස්ථානයේ කළමනාකාර විශ්‍රාමික මේජර් නිලන්ත කපුරුබණ්ඩාර මහතා පැවසීය.

මේ අතර මෙම වෙළඳ මධ්‍යස්ථානයෙන් හමුවූ ආසාදිතයින් කිහිප දෙනෙකු තිහාරිය ප්‍රදේශයේ පදිංචි කරුවන්වවීම මත අද (5)දින තිහාරිය ප්‍රදේශයේ පුද්ගලයින් පිරිසකට පී.සී.ආර් පරීක්ෂණය සිදු කරන බව ගම්පහ දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ ක්‍රිශාන්ත සමරවීර මහතා කීය.

Related posts

“ග්ලයිෆොසෙට් අධිවිෂ රසායනයක් බව තහවුරුකර තිබියදී විද්වත් කමිටු පත් කිරීම විහිළුවක්” – මහාචාර්ය චන්න ජයසුමන

colombotoday

නොරෝච්චෝලෙන් යලි විදුලිය

colombotoday

යහපාලන TOP 10 තුන්වෙනියා හෙළිවෙයි.. වංචාව මිලියන 1000යි !

colombotoday

අඩු ආදායම්ලාභීන්ට සූර්ය බල විදුලි උත්පාදන කට්ටල නොමිලේ

colombotoday

වරාය අධිකාරිය රු. බිලියන 11ක වාර්තාගත ලාභයක් උපයයි

colombotoday

සිරිපාල රජ ගැහිල්ලක.. කැබිනට්ටුවටත් කොකා පෙන්වා බස් 500ක් ගේන්න යයි.. ටෙන්ඩර් කැළේ

colombotoday