Covid 19

ගාල්ල බද්දේගම පාසල් සිසුවියකට කොවිඩ් ආසාදනය වෙයි

ගාල්ල බද්දේගම ක්‍රිස්තුදේව බාලිකා විද්‍යාලයේ සිසුවියකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.

එම විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ඇය පසුගිය මස 25 වනදා අවසන් වරට පාසලට පැමිණ තිබුණි.

නිවසේ රැඳී සිටියදී රෝගීවී කරාපිටිය ශික්ෂණ රෝහල වෙත ඇතුළත් කිරිමෙන් පසු සිදුකළ PCR පරීක්ෂණයේ දී ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මේ හේතුවෙන් එම සිසුවියගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් පාසල් සිසුවියන් සහ ගුරුවරුන් ඇතුළු 51 දෙනෙකු නිරෝධායනට යොමුකිරීමට පියවරගත් බව බද්දේගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී නවරත්න මහතා පැවසීය.

“මේ වනවිට පාසල සඳුදා දිනයේ විවෘත කිරීමට අවශ්‍ය යටපිටාව සූදානම් කරමින් තිබෙනවා. විෂබීජහරණය කරලා ඒ කටයුතු කෙරෙමින් පවතිනවා. ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් 51 දෙනාගේ PCR පරීක්ෂණයේ කටයුතු සිදුකිරීමටත් සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ, ” යනුවෙන් ද බද්දේගම පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී නවරත්න මහතා සඳහන් කළේය.

Related posts

මිනුවන්ගොඩ මුල්‍ය සමාගමක සේවකයෙකුට කොරෝනා

colombotoday

ඇතිමලේ පොලිසියේ තවත් 30කට කොරෝනා

colombotoday

කොළඹ වරායේ සේවකයන් තුන්දෙනෙකු ඇතුලු 19ක් නිරෝධායනයට

colombotoday

මැදවච්චිය ප්‍රාදේශීය සභාවේ සභාපති ඇතුළු තවත් මන්ත්‍රී වරුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

මෙරට කොරෝනා රෝගීන් සංඛ්‍යාව 581 ක් දක්වා ඉහළට

colombotoday

නයනතාරාටත් කොවිඩ් පොසිටිව්

colombotoday