Colombo Today Local News

පාස්කු ප්‍රහාරය : ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද ජනපතිට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ අවසන් වාර්තාව අද (01)දින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදිමට නියමිතව තිබේ.

අද පෙරවරු 11.00ට පමණ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී අදාළ වාර්තාව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා ඇතුළු සෙසු සාමාජිකයින් විසින් ජනාධිපතිවරයාට භාරදිමට නියමිත බව වාර්තා වේ.

2019 වසරේ අප්‍රේල් 21 වන දින එල්ල වු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා 2019 වසරේ සැප්තැම්බර් 20 වන දින මෙම පංච පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරණු ලැබීය.

වසර එක හමාරකට ආසන්න කාලයක් පුද්ගලයින් හාරසිය පනහකගෙන් පමණ සාක්ෂි විමසමින් එම කොමිෂන් සභාව විමර්ශන සිදුකළ අතර එහි කටයුතු පසුගිය 27 වනදා අවසන් කළේය.

ඒ අනුව ඊට අදාළ අවසන් වාර්තාව මේ වන විට සකස් කර ඇති අතර කොමිසම විසින් සිදුකළ සියලු සාක්ෂි සටහන් කර ගැනිම් ද අද දිනයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාරදෙන බව එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

මේ අතර පාස්කු ඉරුදින ප්‍රහාරයට සෘජුව හෝ වක්‍රව වගකිව යුතු පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කළේය.

Related posts

“මාව මේකට පටලවා වැරදිකාරයෝ බේරෙන්න හදනවා” – රවීගේ ප්‍රකාශයෙන් මහ පුටු දෙදරයි !

colombotoday

සෝභිත හිමි ඇරඹූ සාධාරණ සමාජය ජවිපෙ 20ට අත උස්සයි…

colombotoday

අමරපුර නිකායේ මහා ලේඛකාධිකාරී බ්‍රාහ්මණවත්තේ සීවලී අනුනාහිමියෝ අපවත් වෙති

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇගවීමක්

colombotoday

සිරගත කර සිටි තවත් හිමිවරුන් පස් නමකට ඇප

colombotoday

පුරප්පාඩු දහස් ගණනක්! උපාධිධාරීන් තවමත් මහමග

colombotoday