Business

ද ෆිනෑන්ස් සමාගම කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

පසුගිය වසරේ මැයි මාසයේ දී ගනුදෙනු අත්හිටුවන ලද ‘ද ෆිනෑන්ස් සමාගම’ වහාම ක්‍රියාත්මක වන පරිදි කොළඹ කොටස් වෙළෙඳපොළෙන්ද ඉවත් කර ඇත. 1987 අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනතේ 53 වැනි වගන්තිය යටතේ පසුගිය 28 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇත.

ද ෆිනෑන්ස් සමාගම 2008 වර්ෂයේ දී අර්බුදයට ලක් වූ සෙලින්කෝ සමූහ ව්‍යාපාරයට අයත්ව තිබූ ප්‍රධාන මූල්‍ය සමාගමකි. එතැන් සිට සමාගමේ මූල්‍ය තත්ත්වය ක්‍රමයෙන් පිරිහීගිය අතර අඛණ්ඩව ලැබූ පාඩු හමුවේ වත්කම්වල ගුණාත්මක බවද පිරිහීමට පත් විය. 2019 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකා මහා බැංකුව මැදිහත්ව නව තැන්පතු භාර ගැනීම අත්හිටුවන ලදී. එමෙන්ම තැන්පතු ආපසු ලබා දීම සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමද සිදු කෙරිණි.

Related posts

TalkTalk හැකර් කරුවන්ගේ ග්‍රහණයට, මිලියන 4ක් බැංකු ගිණුම් අවදානමේ – මුස්ලිම් අන්තවාදීන්ට චෝදනා

colombotoday

Job numbers show tremendous growth in state’s travel industry

colombotoday

අනුරාධපුරේ හෙළ බොජුන් හළ – වස විස නැති ගමේ හැදුනු එලවළු පලතුරු

colombotoday

තල් වලින් වයින් නිෂ්පාදනයට පෞද්ගලික ව්‍යවසායකයන් සමග ගිවිසුම් අත්සන් කරයි

colombotoday

ඉන්දු-ලංකා ගිවිසුම අත්සන් කිරීමට සියල්ල සූදානම්

colombotoday

සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිට

colombotoday