Colombo Today Local News

මසක් තුළ සිරකරුවන් 10,000 කට නිදහස

කොරෝනා වසංගතය හමුවේ, බන්ධනාගාරවල තදබදය අවම කිරීම සඳහා සිරකරුවන් 10,065 ක් පමණ මේ වනවිට නිදහස් කර ඇතැයි බන්ධනාගාර අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්ත මහතා සඳහන් කළේ, එලෙස නිදහස් කරනු ලැබු සිරකරුවන්ගෙන් 60% ක්ම මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් බන්ධනාගාරගත වූ පුද්ගලයින් බවයි.

එලෙස නිදහස ලබන මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන් පුනරුත්ථාපනය සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

එහි සභාපති විශේෂඥ වෛද්‍ය ලක්නාත් වෙලගෙදර මහතා සඳහන් කළේ, පුනරුත්ථාපන මධ්‍යස්ථානවල රැඳවිය හැකි පුද්ගලයින් සංඛ්‍යාව 4000 දක්වා ඉහළ නැංවීමට තීරණය කර ඇති බවයි.

Related posts

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ගැන නිල ප්‍රකාශය අද

colombotoday

මහ බැංකුවට කායවර්ධන උපදේශකවරයෙක් බඳවා ගැනීමට ඉල්ලුම් පත් කැඳවීම් නවතයි

colombotoday

2020 ගෝඨාභය පරද්දන හැටි කතා කරන්න මෛත්‍රී – රාජිත රහස් සාකච්ඡාවක් !

colombotoday

සිංගප්පූරු ගිවිසුම ක්‍රියාත්මක කළහොත් ඩොලරය රුපියල් 200 දක්වා ඉහළට…

colombotoday

පුංචි ඡන්දයට පෙර ඒකාබද්ධයේ 10ක් හිරගෙට !!

colombotoday

අගමැති සමග පැවති සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්… වෘත්තිය සමිති ක්‍රියාමර්ගය අඛණ්ඩව

colombotoday