Colombo Today Local News

දක්ෂිණ අධිවේගී මාර්ගයේ තෙල් බවුසරයක් ගිනිගනී

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහ සහ වැලිපැන්න අතර ප්‍රදේශයේදී ඊයේ (09)දින සවස සහ අද (10) අලුයම කන්ටේනර් රථයක් සහ තෙල් බවුසරයක් ගිනි ගැනීමට ලක්ව තිබුණි.

කොළඹ සිට ගාල්ල දෙසට ධාවනය වූ කන්ටේනර් රථය ඊයේ සවස ගිනිගෙන තිබුණේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සහ කුරුඳුගහ ප්‍රවේශ මාර්ග අතර 62 කිලෝමීටර් කණුව ආසන්නයේදී ය.

පසුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පොලීසිය මැදිහත්ව ගින්න පාලනයකර තිබේ.

එමෙන්ම තෙල් බවුසරයක් ගිනිගෙන ඇත්තේ අද (10)දින අලුයම් කාලයේදී ය.

ගින්නෙන් තෙල් බවුසරය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර ගින්න නිවීම සඳහා අධිවේගී මාර්ග පොලීසිය දැඩි පරිශ්‍රමයක් දැරු බව වාර්තාවේ.

Related posts

අස්වැසුම ප්‍රතිලාභය සහ ප්‍රගතිය ගැන, ලෝක බැංකු දේශීය අධ්‍යක්ෂ සමග සාකච්ඡාවක්

Admin

“අපේ ළමයින්ටත් පන්න පන්න ගැහුවා.. අපි ඉන්නේ බයෙන්” ඉස්ලාම් අන්තවාදී ප්‍රහාරය ගැන කොටහේ‍නේ හින්දු ජනතාව කියයි

colombotoday

සක්විති රණසිංහ සහ බිරිඳ මූල්‍ය වංචාව පිළිගනී

Admin

පාස්කු දා ප්‍රහාරය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක්

colombotoday

මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය ඉහළට – මහ බැංකු අධිපති

colombotoday

දක්ෂිණ අධිවේගයේ ආදායම් වාර්තාවක් !

colombotoday