Colombo Today Local News

මියගිය බවට තහවුරු කළ පුද්ගලයෙකුට මෝචරියේ දී පණ එයි

මියගිය බවට තහවුරු කර මෘත ශරීරාගාරයට යැවූ පුද්ගලයෙකුට නැවත සිහිය ලැබීමේ පුවතක් මීගමුව මහ රෝහලෙන් වාර්තා වේ.

මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ මීගමුව මැදපිටිපන ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයෙකි.

හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් අදාළ පුද්ගලයා මීගමුව මහ රෝහලේ බාහිර රෝගී අංශයට ඇතුළත් කර ඇති අතර එහිදී වෛද්‍යවරයා විසින් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඔහු මිය ගොස් ඇති බවට නිර්දේශ කර මෘත ශරීරාගාරය වෙත යොමුකර තිබුණි.

රෝහල් පොලීසිය ඥාතීන්ට කළ දැනුම්දීමෙන් අනතුරුව පවුලේ ඥාතීන්ද මෘත ශරීරාගාරයට ගොස් ඇති අතර එම අවස්ථාවේදී බිරිඳගේ හැඬීමත් සමග එක්වරම ට්‍රොලියේ සිටි රෝගියාගේ මුව සෙලවීමට පටන්ගෙන තිබේ.

එම අවස්ථාවේදී ඥාතීන් එහි සිටි රෝහල් කාර්යමණ්ඩලයට ඒ බව දන්වා ඇති අතර ඔවුන් රෝගියා වැඩිදුර ප්‍රතිකාර සඳහා එම රෝහලේ ම 4 වන වාට්ටුවට ඇතුළත් කර තිබේ.

පසුව සිදු කළ පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ එම රෝගියාගේ රුධිරයේ සීනී මට්ටම අඩුවී සිහිසුන්ව සිට ඇති බවය.

රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා සම්බන්ධයෙන් මීගමුව මහ රෝහල් අධ්‍යක්ෂවරිය විසින් පරීක්ෂණයක් ආරම්භකර ඇති බවද වාර්තා වේ.

Related posts

සභාග ආණ්ඩුවේ අවසන් තීරණය මහින්ද අතේ

colombotoday

ජනතාව වාහන වේගයෙන් එළවන්නේ ලීසිං සමාගම් පස්සෙන් එලවන නිසා

colombotoday

හෙරොයින් කිලෝ ග්‍රෑම් 11 සහ ගිනි අවි කිහිපයක් සමග අයෙක් අත්අඩංගුවට

colombotoday

රාජකාරියේ යෙදී සිටි එස් අයි ගේ යතුරුපැදියට ගිනි තියලා

Admin

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් හෙටත් බෙදාහරින්නේ නෑ..

colombotoday

රුපියල කඩා වැටීමෙන් බිලියන 1000කට වැඩි ණය බරක්….

colombotoday