Colombo Today Local News

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

සමාජ මාධ්‍ය කැලඹුණු ගුරුවරියකගේ නර්තනයට අදාළව විමර්ශන කටයුතු පිළිබඳව දැනුම්දෙමින් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසිත් අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රීලාල් නෝනිස්ගේ අත්සනින් යුතුව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අදාළ ගුරුවරියගේ නර්තනයට අදාළ සිදුවීම පාසල තුළ ළමා දිනය වෙනුවෙන් ගුරු සිසු සහභාගීත්වයෙන් සිදුවූ සාමූහික ක්‍රියාකාරකමක් බවට පෙනී යන බවය.

ඒ අනුව මේ පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම අවශ්‍ය නොවන බවට කාරුණිකව දන්වන බවද අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ව තිබේ.

මීගමුව කදිරාණ කණිෂ්ඨ විද්‍යාලයේ ළමා දින සැමරුම් උළෙලේදී පාසල් ගුරුවරියක් සිසුන් පිරිසක් සමඟ නර්තනයේ යෙදෙන අයුරු දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු විය.

අනතුරුව ඒ සම්බන්ධයෙන් සමාජය තුළ දැඩි කතාබහක් ඇතිවූ අතර මේ සම්බන්ධයෙන් මීගමුව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ විසින් සිදුකරනු ලැබූ කරුණු සොයාබලා සිදුකළ බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා වෙත ලබා දී ඇති වාර්තාවට අනුව මෙම තීරණය ගෙන තිබේ.

Related posts

පෞද්ගලික අංශයේ සේවක වැටුප ගැන යෝජනාවක්

colombotoday

පළමු වාරය අවසන් දිනය ගැන නිවේදනයක්

Admin

හිරගෙදරට ගිය ඇමති රවී ඥාණසාර හිමිගෙන් කළ ඉල්ලීම

colombotoday

මිරිහානේ සිද්ධියේ විමර්ශන සී.අයි.ඩීයට

colombotoday

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී දස්කම් දැක්වූ යුද හමුදා ක්‍රීඩකයන්ට පැසසුම් – යුපුන්ට උසස්වීමක්

colombotoday

මෛත්‍රි-රනිල් චන්ද්‍රිකා-ජවිපෙ ටීඑන්ඒ එකතු වී සිංහල බෞද්ධ රට විනාශ කරන්න හදනවා

colombotoday