Colombo Today Local News

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත වාහන ආනයනයට ඉඩ

නිශ්චිත කෝටාවකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෝටර් රථ ආනයන ක්ෂේත්‍රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්, රේගු අධ්‍යක්ෂ ජෙනරාල්, ශ්‍රී ලංකා මහ බැංකු නියෝජිතයන්, පාවිච්චි කළ වාහන ආනයනකරුවන් සහ අලුත් වාහන ආනයන සමාගම් ඇතුළු පාර්ශ්ව රැසක් සහභාගි වී තිබේ.

ඒ අනුව සීමාවකින් තොරව විදේශ විනිමය රටින් පිටතට ගලායෑම පාලනය කරමින් වසරකට මෙරටට වාහන ආනයනය කළ හැකි ඩොලර් (විදේශ විනිමය) සීමාවක් පනවනු ඇති අතර එම වාර්ෂික ඩොලර් ප්‍රමාණය කෝටාවක් ලෙස ලියාපදිංචි සහ නව වාහන ආනයනකරුවන් අතර බෙදාදෙනු ලැබේ. ඒ අනුව ආනයනකරුවන්ට වාහන ආනයනය කිරීමේ අවකාශය ලැබෙනුයේ සිය කෝටාවේ සඳහන් විදේශ විනිමය ප්‍රමාණය දක්වා පමණි. දැනට අධික ලෙස ඉහළ​ ගොස් ඇති දේශීය වෙළෙඳපොළේ වාහන මිල ගණන් කඩිනමින් පහත දමා ගැනුම්කරුවන්ට සහනයක් ලබාදීම මෙම එකඟතාවේ ප්‍රධාන අරමුණ වී තිබේ.

සාකච්ඡාවේදී පැමිණි මෙම එකඟතාවට අනුව අවසන් තීරණයකට එළඹීම සඳහා වාහන ආනයනකරුවන්ගේ වැඩිදුර යෝජනා ලබාගැනීම වෙනුවෙන් සති 02ක කාලයක් රජය විසින් ලබාදී ඇත.

Related posts

අත්හිටවූ මධ්‍යම පළාතේ සංවර්ධන නිලධාරී මාරු වීම් යලි ක්‍රියාත්මකයි

colombotoday

ත්‍රස්තවාදය වැළැක්වීමට නව නීති සම්පාදනය කරීමේ සූදානමක්

colombotoday

හෙරොයින් සමග තරුණයෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

පොලිස් ඇමති පොලිස් නිලධාරීන්ගේ සුභසාධනය පුළුල් කිරීමට පියවර ගනියි!

colombotoday

නැගෙනහිර පර්යන්තයට නුසුදුසු දොඹකර 06ක් ගෙන්නා විශාල පාඩුවක්

Admin

අන්තර්ජාතික සබඳතාවලදී රටේ ස්වාධීනත්වය කැප කිරීමට සූදානම් නෑ

colombotoday