Colombo Today Local News

යහපාලකයන්ට එරෙහිව කළු කොඩි එසවීම අද ‘මුහුණු පොතෙන්’ අරඹනවා – ගම්මන්පිල

udaya gammanpilaයහපාලන ආණ්‌ඩුවේ දරදඬු පාලනයට විරෝධය පාමින් රට පුරා කළු කොඩි එසවීමේ ව්‍යාපාරය අද (02 වැනිදා) මුහුණු පොත (ෆේස්‌ බුක්‌) ඔස්‌සේ ආරම්භ කරන බව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා (01 දා) පැවසීය.

එය 8 වැනිදා වන විට ගමක්‌ ගමක්‌, ගෙයක්‌ ගෙයක්‌ පාසා ගෙනයන බව ද ඒ මහතා සඳහන් කළේය.

වත්මන් පාලනය පිළිබඳව ජනතාව දැඩි කලකිරීමට පත්ව සිටින බව සඳහන් කළ ගම්මන්පිල මහතා එම නිසා රට පුරාම 8 වැනිදා, කළු කොඩි දිස්‌වන ආකාරය පාලකයන්ට දැකගැනීමට හැකිවන බව ද පැවසීය.

මේ සඳහා විපක්‍ෂයේ ක්‍රියාකාරීන් මෙන්ම ජනතාව ද එකාමෙන්ම පෙළ ගැසී සිටින බව ද ඒ මහතා කීවේය.

දිවයින

Related posts

ගෑස් තවත් රුපියල් 300කින් වැඩි කිරීමට යෝජනා වේ…

colombotoday

ජනපති පාර්ලිමේන්තු එයි

colombotoday

ජී.එල්.ගෙන් UN නියෝජිතයින්ට සහතිකයක්

colombotoday

ඉන්දීය ප්‍රදානයක් යටතේ සමුද්‍රීය මුදා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් පිහිටුවීමට කැබිනට් අනුමැතිය

colombotoday

කුරුණෑගල සීනි ගබඩාවකටත් සීල් තියයි

colombotoday

මහ කැළයේ මදුරුවන් තලමින් මොරගහකන්දේ වේල්ල සැලසුම් කළ මහා විද්වතා, කුලසිංහයන්..!!

colombotoday