Colombo Today Local News

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ විශේෂඥ කමිටු වාර්තාව ජනපතිට භාර දෙයි

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාව ඊයේ (31)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට භාර දී තිබේ.

ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය ලෝකයේ බොහෝ රටවලට මෙන්ම ශ්‍රී ලංකාවට ද විශාල ගැටලුවකි.

නිසි ලෙස කළමනාකරණය නොකරන ලද ඝණ අපද්‍රව්‍ය නිසා පරිසරය සහ ජලය දූෂණය වීම, විවිධ රසායනික ද්‍රව්‍ය පසට එකතුවීම වැනි අහිතකර ප්‍රතිවිපාක රාශියක් ඇති කරයි.

කසල කළමනාකරණය පිළිබඳ ගැටලු හඳුනාගෙන ඊට විසඳුම් යෝජනා කරනු පිණිස ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි සාමාජිකයින් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පසුගිය ජූලි මස පත් කළ අතර ඉංජිනේරු රොහාන් සෙනෙවිරත්න මහතා එහි සභාපතිවරයා වශයෙන් පත් කරනු ලැබිය.

කමිටු නිර්දේශයේ ඇතුළත් වාර්තාව රොහාන් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපතිතුමාට භාර දුන් අතර විශේෂඥ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

වාර්තාවේ ඇති නිර්දේශ පිළිබඳව පූර්ණ පසු විපරමක නිරතවීමේ වැදගත්කම දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණි.

කසල කළමනාකරණයේදී බාහිර පරිසර සාධක පිළිබඳව සැලකිලිමත් නොවීම නිසා ජනතා විරෝධතා ඇතිවූ බව පැවසූ ජනාධිපතිතුමා මැසි මදුරු උවදුර මෙන්ම දුගඳ ඇතිවීම වැළැක්වීමේ වැදගත්කමද මෙහිදී අවධාරණය කර තිබේ.

Related posts

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

colombotoday

Bodu Bala Senaබොදු සමුළුව බලන්ගොඩ – සජීවී විකාශය

colombotoday

වාහන ආනයනයට රජයෙන් සම්බාධක පනවයි… සියළු වාහන මිල ලක්ෂ 2-3කින් ඉහළට..

colombotoday

අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වහන්නැයි පාඨලි කියයි

colombotoday

පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමි අපවත්වෙති

colombotoday

ජාතික රණවිරු අනුස්මරණ දින සැමරුම් අද

colombotoday