Colombo Today Local News

ජනවාරි 8 කළු සිකුරාදා ලෙස නම් කරයි.. ගම්මන්පිල සහ සගයොත් කළුපැහැ ගනී

gammanපිවිතුරු හෙළ උරුමයේ මාධ්‍ය සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වූ අතර ඊට සහපාගී වූ එහි සාමාජිකයන් සියල්ලෝම සම්පූර්ණයෙන් කළු පැහැති ඇදුමින් සැරසී සිටිනු දක්නට ලැබිණි.

යහපාලන ආණ්ඩුව පත්වී වසරක් ගෙවෙන ජනවාරි 8 වනදා කළු සිකුරාදා ලෙස නම් කර ඇති බව පැවසූ පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කළු කොඩි ඔසවන ලෙස තමන් කරල ලද ඉල්ලීමට ආණ්ඩුවෙන් තර්ජන එල්ල වන බවද පැවසුවේය.

අඳුරු යුගයක වසරක් ගෙවුණු බව ජනවාරි 08 වන දින සනිටුහන් වන බවත්, පැය කිහිපයක් ඇතුළත ව්‍යවස්ථාවක් වෙනස් කරමින් ගිනස් වාර්තාවක් තැබීමට කෙනෙකු සමත්වීනම් ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බවද ගම්මන්පිල මහතා කියා සිටියේය.

ජනවාරි 08 වන දිනට ජාතික කොඩිය ඔසවන ලෙස රාජිත සේනාරත්න අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇතත් ජාතික කොඩිය එසවිය යුත්තේ ජාතික වැදගත්කමකින් යුතු අවස්ථාවකදී පමණක් බැවින් ඒ පිළිබඳ අමාත්‍යවරයා නොදන්නවා විය හැකි බවද හෙතෙම සඳහන් කළේය.

Related posts

ඇමති රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ඉල්ලයි !

colombotoday

එකම විසදුම ෆෙඩරල් පමණයි.. ජාත්‍යන්තර විනිසුරන් නැතිව කිසිවක් එපා ! – විග්නේෂ්වරන්

colombotoday

Online ක්‍රම වලට මත්ද්‍රව්‍ය ජාවාරම් කල 316 පොලිස් දැලේ

Admin

පෙළපාළි යාම-මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්පූර්ණයෙන් තහනම්

colombotoday

කොටස් වෙළෙඳපොළ ගණුදෙනු සඳහා අද විවෘතයි

colombotoday

අපි ඉන්නකන් ජනාධිපතිතුමාට ෆේල් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. ජනපතිට අමතර දෙවසරක් රට බාර දෙමු

colombotoday