Colombo Today Local News

ආයතන කිහිපයක් මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක්

අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊයේ (ඔක්. 5)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ විෂය පථ සංශෝධනය කර ඇත.

ඒ අනුව, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා තිබේ.

මීට පෙර පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව තාක්ෂණ අමාත්‍යංශය යටතේ පැවති අතර ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය යටතේ පැවතිණි.

අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පැවතියේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ය.

අදාළ ආයතනවල කාර්යය භාරයන් ද ඒ අනුව මහජන ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ.

ඊට අමතරව තාක්ෂණ අමාත්‍යංශය යටතේ පැවති කාර්මික තාක්ෂණ ආයතනය ඊයේ දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි කර්මාන්ත අමාත්‍යංශය යටතට පවරා ඇත.

අදාළ ගැසට් පත්‍රය පහතින් දැක්වේ.

Related posts

පියසේන ගමගේ එක්සත් ජාතික පෙරමුණට පනී…

colombotoday

අතාවුද සෙනෙවිරත්න ශ්‍රීනිප මධ්‍යම කාරක සභාවෙන්, ජනපති සිරිසේනගේ නියෝගයෙන් නෙරපා දමයි

colombotoday

පසුගිය වසරේ විරැකියාව ඉහළ ගිහින්

colombotoday

බඩ ඉරිඟු වගාව තාවකාලිකව නවත්වන්න⁣ ගොවීන්ට උපදෙස්

colombotoday

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

colombotoday

කොවිඩ් පැතිරීම වේගවත් වී ඇත්තේ නව ප්‍රභේදයක් නිසා ද ?

colombotoday