Colombo Today Local News

‘විල්පත්තු වනපාලුවන්ට නීතිය ක්‍රියාත්මක කර තමන් ජනපති බව රටට පෙන්වනු’ – ඤාණසාර හිමිගෙන් ජනපතිට අභියෝගයක්

challange for prasident3එවක රජය අන්තර් අමාත්‍යාංශීය කමිටුවකින් ගත් තීන්දුවක් අනුව උතුරේ අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම සදහා උතුරු ප්‍රදේශයේ අක්කර 3500කට වැඩි ප්‍රමාණයක් නිදහස් කර ඇති බවත් එයට විල්පත්තු අභයභූමියට අයත් භූමියෙන් කොටසක් ද අයත්වී ඇති බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ඊයේ සවස බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේදී පැවති සමුළුවක් අමතමින් ජනපතිවරයා සදහන් කළේ එවකට සෞඛ්‍ය ඇමතිව සිටි තමන් එම අමාත්‍යංශ කමිටුවේ නොසිටි බවත් සිටියානම් එයට කිසිසේත් ඉඩ නොදෙන බවත්ය. විල්පත්තුව විනාශ නොකර වෙනත් ප්‍රදේශයකින් එම ජනතාවට ඉඩම් ලබා දිය යුතුව තිබූ බවද පැවසූ ජනාධිපතිවරයා මේ වන විට 29%ක් ව පවතින මෙරට වන ඝනත්වය ඉදිරි වසර 3 තුළ 32% දක්වා ඉහළ නැංවීමට කටයුතු කරන බවද පැවසීය.

මේ අතර විල්පත්තු වන විනාශය පිළිබඳ ජනපති ප්‍රකාශය අගය කළ යුතු බවත් එය 2013 දී විල්පත්තු වන විනාශය පිළිබඳ බොදු බල සේනාව ඇරඹූ අරගලයේ එක් ජයග්‍රහණයක් බවත් බොදු බල සේනා සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. සිදුවූ අනෙකුත් වංචා හා හොරකම්ද සොයා බැලිය යුතු බවත් ජාතික ආරක්ෂාවට මේ මගින් අනාගතයේ සිදුවිය හැකි තර්ජන නැති කළ යුතු බවද රටේ වෙනත් ප්‍රදේශවල සිදුවන අනෙකුත් පරිසර හානිද නැවත පැරණි තිබූ තත්වයට ගෙන ඒම කළ යුතු අතර ඒ සඳහා පනත් සංශෝධනය කර නිසි සංයුතියකුත් යුතුව නැවත පදිචිකිරීම් සිදුකළයුතු බවත් එමගින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

මේ අතර ජනපතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් colombotoday.com සමග අදහස් දැක්වූ බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් පැවසූයේ වසර තුනක් පුරා විපත්තු සංහාරය පිළිබදව තමන් කී දේවල් පිළිගත්තා මෙන් මෙරට ක්‍රියාත්මකවන ඉස්ලාමීය අන්තවාදී ක්‍රියාකාරකම් පිළිබදවද ජනපතිවරයා අවධානය යොමු කළයුතුව තිබෙන බවයි. එවක රජය යටතේ විල්පත්තුව වැනසූ රීෂාඩ් බදියුදීන් තම කැබිනට්ටුවේද ඇමතිකමක් දරමින් තවමන් නිරුපද්‍රිතව වන සංහාරයේ යෙදෙත්දී වනාන්තර ආරක්ෂා කරන බවට ජනපතිවරයා විසින් පුරසාරම් දෙඩීමෙන් පලක් නොවන බවද උන් වහන්සේ අවධාරණය කර සිටියහ.

මෙරට ජාතික ආරක්ෂාව සහ රටට වැදගත් තීන්දු තීරණ ගැනීම සම්බන්ධයෙන් ජනපතිවරයාගේ හැසිරීම සැබැවින්ම ඔහු මෙරටේ ජනාධිපතිද යන්න සැක සිතෙන තරමට ‍වැනෙනසුළු එකක් බව පෙන්වා දෙන ඤාණසාර හිමියන් අඩු තරමේ විල්පත්තු සංහාරය සම්බන්ධයෙන්වත් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කර ‘තමන් රටේ ජනාධිපති’ බව රටට පෙන්වීමට ජනපතිවරයා කටයුතු කළ යුතුයැයිද පැවසීය.

ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රකාශය

Related posts

වරාය සේවකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹයි

colombotoday

අර්ථසාධක අරමුදලේ ආයෝජනවලටත් රවී තට්ටු කරයි.. 14% ක බද්දක් ගහන්න යයි !

colombotoday

රණවිරු දඩයම ආපසු හරවන්න ජනාධිපති කොමිසමක්

colombotoday

ලෝක වාර්තාවක් තබන බවට ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

colombotoday

අපි ලංකාව වෙනස් කළා. ප්‍රජාතන්ත්‍රවාදයට අපමණ අගයක් දුන්නා – ජෝන් කෙරී

colombotoday

මුහුද යටින් කේබලයක්.. ඉන්දියාව ලංකාවට විදුලිය අපනයනය කරන්න යයි !

colombotoday